×

දැනටමත් යුධ පිටියක් බඳු ඉන්දීය දුම්රිය ඛේදවාචකය!

SkyNews: බාලසෝර් මහ රෝහලේ කාමරයෙන් කාමරය බැලූ බැලූ අත තුවාලකරුවන්ගෙන් පිරී ඇත. බොහෝ දෙනෙක් බිම සහ කොරිඩෝවේ දිඟා වී සිටින්නේඅතිමහත් වේදනාවන් දරාගෙන ය. ඇතැමුන් එය විස්තර කළේ දශක දෙකකට වැඩි කාලයක් තුළ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය ඛේදවාචකයෙන් ඇති වූ යුධ කලාපයක් ලෙසයි. මේ වන විට300කට වැඩි පිරිසක් මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර 900ක් […]


SkyNews: බාලසෝර් මහ රෝහලේ කාමරයෙන් කාමරය බැලූ බැලූ අත තුවාලකරුවන්ගෙන් පිරී ඇත. බොහෝ දෙනෙක් බිම සහ කොරිඩෝවේ දිඟා වී සිටින්නේඅතිමහත් වේදනාවන් දරාගෙන ය.

ඇතැමුන් එය විස්තර කළේ දශක දෙකකට වැඩි කාලයක් තුළ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය ඛේදවාචකයෙන් ඇති වූ යුධ කලාපයක් ලෙසයි. මේ වන විට300කට වැඩි පිරිසක් මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර 900ක් පමණ තුවාල ලැබූවන් අතර වේ.

නොනවතින රෝගීන් ගලා ඒමකට මුහුණ දීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත. බරපතල තුවාල සහිත රෝගීන් ඒ අතර බොහෝ දෙනෙක් වේ.

මේ දෙනෝ දහක් අතරේ 24 හැවිරිදි ගුරා නම් අයෙක් මුණ ගැසිණි. ඔහුගේ කකුල්, අත් සහ හිස යනාදිය තදබල ලෙස තුවාල වී තිබුණි.

Soma Palai, 21, wife of Gura Palai, 24, who was injured in trains collision, feeds her husband as he lies on a hospital bed in Balasore district in the eastern state of Odisha, India, June 3, 2023. REUTERS/Adnan Abidi
Gura, who was injured in the train crash

ඔහු වාට්ටුවේ සිටි බොහෝ දෙනා අතර කම්පනයෙන් හා දැඩි වේදනාවෙන් සිටියේය.

දුම්රිය දෙකක් එකිනෙක ගැටීම නිසා තමාට විශාල කම්පන පීඩනයක් දැනුණු මොහොත ඔහු මෙලෙස විස්තර කළේය.

“අපි දොර ළඟ සිටගෙන සිටියා,”

“මැදිරි දෙක එකට හැපුනා. අපි හතර දෙනෙක් හිටියා. මාව කෝච්චි පෙට්ටියෙන් එලියට විසි වෙලා පසුව මට දැනුනේ ගැහෙන ගතියක්.

“මගේ හිසට, අත්වලට සහ කකුල්වලට තුවාල වුණා. එය වේදනාකාරී යි.”

ගුරා මෙලෙස විස්තරයක් පැවසීය.

මෙවැනි විපතට පත් බොහෝ අයවලුන් තම ශෝකාන්තය මෙසේ පවසන අතර ඔවුන්ගේ සුවදුක් විමසීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දරෝහලට පැමිණ සිටියේ ය.

India's Prime Minister Narendra Modi meets with the victims of trains collision at a hospital in Balasore district in the eastern state of Odisha, India, June 3, 2023. India's Press Information Bureau/Handout via REUTERS THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVES.
SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB Nani Gopal Bari, 38, who was injured in trains collision, sits on a hospital bed in Balasore district in the eastern state of Odisha, India, June 3, 2023. REUTERS/Adnan Abidi


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි