×

පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,700 භාවිත කරමින් ඉන්දියාව කළ නිවුන් කුළුණු විනාශය 

මෙය ඉන්දියාව දූෂිත සංවර්ධකයින්ට සහ නිලධාරීන්ට දැඩි ලෙස ක්‍රියා කරන බවට දුර්ලභ උදාහරණයකි.


මීට වසර නවයකට පෙර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තදාසන්න ප්‍රදේශයක දේපළ වෙළඳාම් සමාගමක් වන සුපර්ටෙක් ලිමිටඩ් විසින් ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම නිවුන් කුළුණු ඉදිකරන ලදි. මෙම ගොඩනැගිලි එය ඉදිකිරීම් රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාවට ලක් විය.


වසර නවයක නීතිමය ආරවුල් තුළ කිසිදා ජනාවාස නොවූ මහල් නිවාස 1,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගු “Apex” හි මහල් 32 සහ “Ceyane” මහල් 29 අද දින ඉන්දීය රජය විසින් තත්පර කිහිපයකින් බිමට ගෙනැවිත් දැවැන්ත දූවිලි හා සුන්බුන් බවට පත් කරන ලදි.


මේ වෙනුවෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,700 (රාත්තල් 8,160) භාවිතා කරමින් පාලනය කරන ලද පිපිරීම් මේ දක්වා ඉන්දියාවේ සිදු කළ විශාලතම විනාශය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ඉන්දියාව දූෂිත සංවර්ධකයින්ට සහ නිලධාරීන්ට දැඩි ලෙස ක්‍රියා කරන බවට දුර්ලභ උදාහරණයකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි