×

සඳ තරණය කළ රටක ආර්ථවය ඔප්පු කිරීමට පාසැල් දැරියන් නිරුවත් කිරීම හෙවත් ආර්ථවයට භය ඉන්දියාවේ උමතු ආගම්

ආර්ථවය නිසා පීඩා විදින ශිෂ්‍යාවන් ගැන අදහා ගත නොහැකි තවත් කතා තවමත් ඉන්දියාවේ


ආර්ථවය සහ කාන්තාව මුහුණ දෙමින් සිටින පීඩනයන් ගැන දුක්කදායක මෙන්ම සමාජ අසාධාරණ කතා දිනපතා ලෝකයේ කෙහෙන් හෝ ඇසේ. ඒ් අතරින් ආගමික මිත්‍යාවන් සහ විශ්වාසයන් හේතුවෙන් කාන්තාවන් අපහසුතාවට පත්වන දකුණු ආසියාතික රාජ්‍යයන් අතරේ පෙරමුණේ සිටින රටකි ඉන්දියාව. අතීත අත්දැකීම් රැසක් ඊට සාක්ෂි සපයමින් සිටී.

එකී සාක්ෂි අතරට පසුගියදා එක්වූ අලුත්ම සාක්ෂිය වන්නේ උතුරු ඉන්දීය බාලිකා විද්‍යාලයක්  තුළ ශිෂ්‍යාවන්ට තමන්ට මාසික ආර්ථවය සිිිිිදුව නැතයි ඔප්පු කිරීමට ඔවුන්ගේ යට ඇදුම් ගැලවීමට බල කිරීමයි.

උතුරු ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බහුජ් නම් නගරයේ විද්‍යාලයක තරුණ ශිෂ්‍යාවන් 68 දෙනෙකු මෙම අත්දැකීමට මුහුණ දී ඇති අතර ශ්‍රී සහන්ජානන්ද් නැමති කාන්තා විද්‍යාලයේ නේවාසිකාගාරක ඔවුන් නවාතැන් ගෙන අධ්‍යාපනය හදාරා ඇත. මෙම විද්‍යාලය ඉන්දියාවේ හින්දු ආගමික කණ්ඩායමක් වන ස්වාමිනාරායන් නිකායික පදනම විසින් පවත්වාගෙන යන්නකි. නේවාසිකාගාරයේ නීතිය වී ඇත්තේ ආර්ථවය අතරතුරේ ශිෂ්‍යාවන් දෙවියන් හට පුද පූජා කිරීමට එහි ඇති දේවාලයට සහ නේවාසිකාගාරයේ මුළුතැන්ගෙයට ඇතුල් නොවිය යුතු බවත්, ‌දේවාලය අසලින් ‌හෝ ‌නොයා යුතු බවත්, අන් ශිෂ්‍යයන්ගේ ශරීරය කිසිසේත් ස්පර්ෂ නොකළ යුතු බවත්ය. පසුගියදා මෙම නීතිය කඩ කරන ශිෂ්‍යාවන් ගැන ‌නේවාසිකාගාර පාලනය විසින්  අදාල පැසැල් විදුහල්පතිවරයාට පැමිණිලි කිරීමත් සමග ශිෂ්‍යාවන්ට ගුරුවරියන් ඉදිරියේ සිය යට ඇඳුම් ගලවා තමන් ආර්ථවය නොවැළදුන ශිෂ්‍යාවන් බවට ඔප්පු කරන ලෙස බල කර ඇත.

ආර්ථව දිනවලදී ශිෂ්‍යාවන්ට පාසැල තුළදීත් නීති රැසකට මුහුණ දීමට සිදුව ඇති අතර අන් ශිෂ්‍යාවන්ගෙන් ඈත්වී අසුන් ගැනීම මෙන්ම පන්ති කාමරයේ අවසන් පේළියේ හිඳ ගැනීම වෙනම ආහාර ගැනීම, පන්ති කාමරය පිරිසිදු කිරීමට සිදුවීම ආදිය ඒ් අතර වෙයි.

පාසැල් ශිෂ්‍යාවන් පවසන පරිදි ආර්ථව දිනවලදී අදාල ශිෂ්‍යාවන්ගේ වෙනම නාම ලේඛනයක් මෙම නේවාසිකාගාරය විසින් පවත්වාගෙන ගොස් ඇත. එහි ඔවුන්ට සෑම මසකම ආර්ථව දිනය සදහන් කිරීමට සිදුව ඇති අතර සෑම මසකදීම ඒ් පිළිබදව විමසිලිමත්ව සිටී. මෙම සිදුවීමෙන් පසු පාසැල් ශිෂ්‍යාවන් පැමිණිලි කර සිටින්නේ අදාල විදුහල් පතිවරයා සහ ගුරුවරියන් තමන්ව බලහත්කාරයෙන් නිරුවත් කළ බවයි. ඉතා වේදනාකාරී ලෙස තමන්ට අත්දැකීමට සිදු වූ මෙම සිදුවීම දැඩි මානසික වධ හිංසනයක් ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය.

විද්‍යාලයේ මෙම ක්‍රියාවලියට එරෙහිව පියවර ගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමව්පියන් විසින් පාසැල ඉදිරිපිට පසු ගිය බ්‍රහස්පතින්දා උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර විද්‍යාලය අනුබද්ධිත විශ්ව විද්‍යාලයේ උපකුලපති දර්ශන ධෝලාකියා එම වරද සිසුන් මත පැටවීය. ඔවුන් නීති කඩ කර ඇති බවත් සමහර අය සමාව ඉල්ලා ඇති බවත් ඇය පැවසුවාය.

ආර්ථවය හේතුවෙන් ශිෂ්‍යාවන් හට මෙවැනි වේදනාත්මක අසාධාරණයන්ට මුහුණ දීමට සිදුවූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට වසර තුනකට පෙර උතුරු ඉන්දියානු පාසැල් නේවාසිකාගාරයක තිබූ රුධිරය පැල්ලමක් හේතුවෙන් ශිෂ්‍යාවන් 70 දෙනෙකු මේ ආකාරයෙන්ම නිරුවත් කළ බවට තොරතුරු වාර්ථා විය.

ආර්ථවය හේතුවෙන් කාන්තාවට වෙනස්කොට සැලකීම ඉන්දියාව තුළ බහුලව දක්නට ලැබෙන අත්දැකීමක් වන අතර ආර්ථවය නිසා කාන්තාව අපිරිසිදු බවට කාලාන්තරයක් තිස්සේ ඔවුන්ට එරෙහි විවිධ තහංචි පැනවීමට හේතුවක් වී තිබේ. දේවාල , පූජනීය ස්ථාන , ආගන්තුකයන් බැහැ දැකීම මෙන්ම නිවසේ මුළු තැන්ගෙයද ඔවුන්ට තහනම් වන අවස්ථා පමණක් නොව කාන්තාවන්ය සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව සිටින්නට සිදුවන අවස්ථාද මේ අතර දැකිය හැකි වේ. නාගරික උගත් කාන්තාවන් වැඩි වැඩියෙන් මෙම ප්‍රතිගාමී අදහස්වලට අභියෝග කරමින් සිටියද එය අශෝභන හැසිරීමක් ලෙස විවිධ ආගමික කණ්ඩායම් විසින් විවේචනය කරමින් සිටිති.

2018 වසරේදී මේ සම්බන්ධ ආසාන්නතම අත්දැකීමට ඉන්දියාව මුහුණ දුන් අතර කේරළයේ සබ්රිමාලා දේවස්ථානයෙන් කාන්තාවන් වෙන් කර තැබීමට ඒරෙහිව එරට අධිකරනය ‌‌ෙ‌එතිහාසික නඩු තීන්දුවක් ලබා දෙන ලදී. ඒ් අනුව දේවස්ථානයේ සියළු දොරවල් කාන්තාවන් සදහා විවෘත කිරීමට නියෝග කෙරිණ. නමුත් ඊට වසරකට පසු නැවතත් ප්‍රාන්තයේ සිදුවූ දැවැන්ත විරෝධතා මගින් මෙම නඩු තීන්දුව නැවත සළකා බැලීමට තීරණය වන්නේ කිසිසේත් ආර්ථවය යනු සුළු කොට තැකිය හැක්කක් නොව බව මෙම අන්ධ භක්තිකයන් අදහහන නිසාවෙනි. මෙහිදී පුදුමයට කරුණ වූයේ මෙම තීන්දුවට විරුද්ධ වූ  විරෝධතා කරුවන් අතර කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් සිටීමය.

ඉන්දීය අධිකරණය ‌මෙවැනි ආගමික මිත්‍යාවන්ට එරෙහිිි ආන්දෝලනාත්මක ‌ලෙස එරට නීතීන් සං‌ශෝධනය කරමින් සිටියද තවමත් එරට ජනතාව අන්ධ ආගමික විශ්වාසයන් ‌හේතුවෙන් කාන්තා නිදහසට තහංචි පැනවීම ‌ෙඛේදවාචකයක් බව පැහැදිලිය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි