×

ඉන්දීය හමුදා මාඕවාදී කැරලිකරුවන් බවට සැක කෙරෙන 31 දෙනෙකු ඝාතනය කරයි

නැක්සල් ලෙසින්ද හැඳින්වෙන මාඕවාදී කැරලිකරුවන් චීන නායක මාඕ සේතුං විසින් ප්‍රචාරය කරන ලද කොමියුනිස්ට්වාදයක් අනුගමනය කරයි.


සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්ද්‍රාවති ප්‍රදේශයේ දී ඉන්දීය පොලිසිය, පැරාමිලිටරි සොල්දාදුවන් හා මාඕවාදී කැරලිකරුවන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී කැරලිකරුවන් 31 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි හුවමාරුවේදී ආරක්ෂක භටයන් දෙදෙනෙක් ද මිය ගිය අතර තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස්පති පට්ටිලිංගම් සුන්දර්රාජ් සඳහන් කර තිබුණේ, මාඕවාදී කැරලිකරුවන් විශාල ප්‍රමාණයක් එහි රැස්ව සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් සහ පැරාමිලිටරි සොල්දාදුවන් සිය ගණනක් වනාන්තරවල මෙහෙයුමක් දියත් කළ බවයි.

නැක්සල් ලෙසින්ද හැඳින්වෙන මාඕවාදී කැරලිකරුවන් චීන නායක මාඕ සේතුං විසින් ප්‍රචාරය කරන ලද කොමියුනිස්ට්වාදයක් අනුගමනය කරයි. ඔවුන් දශක ගණනාවක් තිස්සේ රජයට එරෙහිව ගරිල්ලා යුද්ධයක් දියත් කර ඇති අතර විශේෂයෙන් මධ්‍යම සහ නැගෙනහිර ඉන්දියාවේ, දෙපාර්ශ්වයේම වරින් වර ගැටුම් ඇතිකරගෙන තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි