×

ඉන්දියාව හොල්ලන පොහොසතුන්!

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා - ගෞතම් ශාන්තිලාල් අදානි


සටහන – නිපුනි ලියනගේ

මේ වන විට ඉන්දියාවේ ආර්ථිකය ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති අතර ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට ඉන්දියානු ප්‍රකෝටිපතියන්ලබා දෙන දායකත්වය ද සුළුපටු නොවේ. වසංගත හේතුවෙන් මෙන්ම ආර්ථිකයේ පවත්නා දුෂ්කරතා හේතුවෙන් ඇතැමුන් පීඩාවට පත් වුවද, ඉන්දියානු රජයේ ආර්ථිකය නඟා සිටුවීමට ඉන්දියාවේ ධනවත්ම මිනිසුන් එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම සටහන දිවෙන්නේ; ඉතින් අපි බලමු කවු ද මේ කෝටිපති ධනස්කන්ධයක් හෙබි ඉන්දියාව හොල්ලන ඒ ධනපති පන්තියේ මිනිස්සු කවුද කියලා!

2023 වසරෙහි ඉන්දියාවේ ධනවත්ම මිනිස්සු;

ඉන්දියානු ආර්ථිකය මිශ්‍ර-මධ්‍යම ආදායම් ලබන දියුණු සමාජ ආර්ථිකයකි. එසේම, ආර්ථිකමය වශයෙන් සෑම ජාතියකම රටේ ප්‍රකෝටිපතියන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර මෙම ප්‍රකෝටිපතියන් වෙළඳපොලේ රැඳී සිටීම සහ ඉන්දියාවේ ධනවත්ම මිනිසුන් 10 දෙනාගේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයේ සිටීම ද වර්ධනය වන ගෝලීය ජනගහනයේ වෙනස්වන ව්‍යාපාරික අවශ්‍යතාවලට අනුගත වේ.

2023 වසරේ ධනවත්කමින් Top 10 වූවන්;

ඉන්දියාවේ ධනවත්කමින් හොඳම දසදෙනා තෝරාගැනීමේ ලැයිස්තුව සෑම වසරකම වෙනස් වේ. විවිධ සමීක්ෂණ වලින් එකතු කර ගන්නා දත්ත මෙම ලැයිස්තුව සකස් කිරීමට පෙර සලකා බලනු ලැබේ.

සුළු වෙනසකින් පමණක් නොව ප්‍රථම ස්ථානය ලබා ගන්නා ඉන්දියාවේ ධනවත්ම මිනිසා ගැන දැනගැනීමෙන් ඕනෑම අයෙකුගේ ඇස් උඩ යනවා නොඅනුමානය. ඔහු සතු ශුද්ධ වටිනාකම දෙවන ස්ථානය ලබා ගත් තැනැත්තාගේ මෙන් දෙගුණයක් පමණ වේ.

මේ දිගහැරෙන්නේ ඔවුන්ගේ නම් ගම් ය…

1. Gautam Adani

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 150 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 11 කි.

Adani සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගෞතම් ශාන්තිලාල් අදානි ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා බවට මේ වනවිට පත් ව ඇත. මෝදි රජය බලයට පත් වූ දාසිට අදානිගේ සමාගම් බොහෝ ඉන්දියානු යටිතල පහසුකම් සහ බලශක්ති කොන්ත්‍රාත්තු ලබාගෙන ඇති බව ද සඳහන් ය. ඔහුගේ ශුද්ධ වටිනාකම සියයට 60 කින් වැඩි වී ඇති අතර Forbes සහ Bloomberg Billionaire Index හි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 26 වන ස්ථානයට ද පත්ව ඇත.

2. Mukesh Ambhani

ශුද්ධ වටිනාකම- ඇමෙරිකානු ඩොලර් බිලියන 83.4 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 6.8 කි.

Reliance Industries හි සභාපති මුකේෂ් අම්බානි, ඉහළම ප්‍රකෝටිපතියන්ගේ ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල නවවන ස්ථානය හිමිකරගෙන ඇති අතරඉන්දියානු ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත. Amabani’s Reliance Industries යනු ඉන්දියානු වෙළඳපොලේ ඇතිවටිනාම සමාගමයි. වසංගතය අතරතුර ඔවුන්ගේ සමාගමක් ගූගල් සහ ෆේස්බුක් වෙත විකිණීමෙන් අම්බානි ඩොලර් බිලියන 20 කට වඩා රැස් කරගෙනඇත.

3. Shiv Nadar

ශුද්ධ වටිනාකම- ඇමෙරිකානු ඩොලර් බිලියන 25.6 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 2.09 කි.

Magus යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශිව් නාදර්, HCL Technologies සහ Shiv Nadar Foundation හි නිර්මාතෘ සහ සභාපති ය. මොහු 1970 දශකයේ මැද භාගයේදී HCL තොරතුරු තාක්ෂණ සමාගම ආරම්භ කළේය. Forbes සඟරාවට අනුව මොහු ලෝකයේ 56 වැනි ධනවත්ම පුද්ගලයා වේ.

4. Cyrus Poonawalla

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 24.3 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.73 කි.

Cyrus S. Poonawalla යනු Cyrus Poonawalla සමූහයේ සභාපති ය. Forbes සඟරාවට අනුව ඉන්දියාවේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඩොලර් බිලියන 24.3ක් සමඟින් සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ ද Cyrus Poonawalla ය.

5. Savitri Jindal සහ පවුල

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 20.5 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.62 කි.

O.P. Jindal සමූහයේ නිර්මාතෘ වන Omprakash Jindal ගේ බිරිඳ වන Savitri Devi Jindal ව්‍යාපාරික කාන්තාවක් සහ දේශපාලනඥයෙක් වන අතරඇය දැනට O.P. Jindal සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය ලෙසත්, මහාරාජා අග්‍රසෙන් වෛද්‍ය විද්‍යාලයේ සභාපතිනිය ලෙසත් කටයුතු කරයි. ඇය ඉන්දියාවේධනවත්ම කාන්තාවයි. හෙලිකොප්ටර් අනතුරකින් ඇගේ සැමියා මියයාමෙන් පසු ඇය ඉතා හොඳින් එම ව්‍යාපාරය කළමනාකරණය කරගෙන ඉදිරියට ගෙනයන ලදී.

6. Radhakishan Damani

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 18.9 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.5 කි.

ව්‍යාපාරික අධිපති Radhakishan Damani ඇවනියු සුපර්මාර්ට්ස් ලිමිටඩ් හි නිර්මාතෘ වන අතර ඉන්දියාවේ සිල්ලර රජු ලෙස වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ සිල්ලර වෙළඳාම් ජාලයට DMarts වෙළඳසැල් 221 කට වඩා හිමිකම් කියයි. Damani මහතා Bright Star Investments Limited නම් ආයෝජන සමාගමක හිමිකරු ද වේ.

7. Dilip Shanghvi

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 17.3 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.4 කි.

Sun Pharmaceuticals නම් ඖෂධ සමාගමක නිර්මාතෘවරයා ලෙස Dilip Shanghvi පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ සමාගම දැන්ප්‍රමුඛතම ඖෂධ සැපයුම්කරු බවට පත්ව ඇත. 2021 දී ෂැන්ග්වි ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාගේ ලැයිස්තුවේ 14 වන ස්ථානයට පත්විය.

8. Sunil Mittal සහ පවුල

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 14.8 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.35 කි.

Sunil Mittal යනු භාරතී එන්ටර්ප්‍රයිසස් හි සභාපති සහ නිර්මාතෘ වන අතර ඔහු කීර්තිමත් ව්‍යාපාරිකයෙකු සහ ධානපතියෙකු වේ. මොහු දේපළ වෙළඳාම්, ටෙලිකොම්, සාප්පු සංකීර්ණ, කෘෂිකර්මාන්තය සහ ආහාර, රක්ෂණ, ආගන්තුක සත්කාර සහ වෙනත් ව්‍යාපාර කෙරෙහි ද උනන්දුවක් දක්වන අයෙකි.

9. Kumar Birla

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 14 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.32 කි.

Kumar Mangalam Birla යනු ඉන්දියාවේ යෝධ සමාගම් සමූහයක් වන ආදිත්‍ය බිර්ලා සමූහයේ සභාපති වේ. Birla ඔහුගේ පියාගේ අභාවයෙන් පසු ආදිත්‍ය Birla සමූහයේ සභාපති බවට පත් විය.

10. Lakshmi Mittal

ශුද්ධ වටිනාකම – ඇමෙරිකානු ඩොලර් බිලියන 13.9 සහ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 1.30 කි.

ඉන්දියානු වානේ රජු යන අන්වර්ථ නාමයෙන් යුත් Laxmi Niwas Mittal යනු ඉන්දියාවේ විශාලතම වානේ නිෂ්පාදකයා වන Mittal Steels හි නිර්මාතෘවරයා වේ. ඔහු ලොව දෙවන විශාලතම වානේ නිෂ්පාදන සමාගම වන Arcelor Mittal හි විධායක සභාපතිවරයා වේ. මොහු මෙවර ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයින් 10 අතරට ද පැමිණ තිබේ.

NJCM India ඇසුරිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි