×

සිවු වසරක් තරුණයන් ලෙස සැරසී පිරිමින්ගේ කොණ්ඩය කැපූ අපූරු තරුණියන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනාම සිය හිස කෙස් කොට කර කපා දැමුහ. තරුණයන් අතෙහි පළදන බ්‍රේස්ලට් දෙකක් අතෙහි දමා ගත්තෝය, පිරිමි ලමුන් දෙදෙනෙක් ලෙස සැරසුණ ඔවුන් සිය නම් දෙක වෙනස් කර ගත්තේ දීපක් හා රාජු ලෙසයි


කරණවෑමියෙකු වූ සිය පියා තමන්ගේම කියා කුඩා බාබර් සාප්පුවක් පවත්වාගෙන ගියාය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පවුගේ සියලු විය හියදම් කළේ මේ බාබර් සාප්පුවේ ආදායමිනි. නමුත් ඔහු ිටි හැටියේම 2014 වසරේදී දරුණු ලෙස රෝගාතුරු වීම සියල්ලන්ටටම සිතා ගත නොහැකි විය පියාගේ රෝගාතුරු වීමත් සමග පවුලේ බර වැටුණේ දියණියන් දෙදෙනාගේ කර මතය ඔවුන් එක් දියණියක් 18 හැවිරිදි ජෝති කුමාරිය.. අනෙක් දියණිය 16 හැවිරිදි නේහා යත ඉංදියාවේ උත්තර් ප්‍රදේශ හී දුෂ්කර ගම්මානයක ජීවත් වූ මොවුන් රැකියාවක් සොයා ගැනීමට උත්සහා කලද ඉන් පලක් නොවීය .

පියා ගේ බාබර් සාප්පුව නැවත ආරම්භ කරන්නට සිතුනෙන් දෙනොම ඒ සදහා කටයුතු කලෝය නමුත් ගැහැණු දරුවන් දෙදෙනෙක් විසින් සිය කොණ්ඩය සහ රැවුල කැපීමට විරුද්ධ වූහ. එපමණක් නොව තවත් අය මේ යුවතියන් දෙදෙනා ට කරදර කරන්නට පටන් ගත්තේය. කෙසේ වත් මේ රැකියාව මේ විදියට කරන් යන්නට බැහැ ඔවන් එකිනෙකාට කියා ගත්තේය. ටික දිනක් ගෙදර නැවතී උන් ඔවුන් යළිත් පියාගේ සැලෝන් එක නැත්තන් බාබර් සාප්පුව විවෘත කරන්නේ වෙනස්ම ස්වරූපයකටයි.

ඔවුන් දෙදෙනාම සිය හිස කෙස් කොට කර කපා දැමුහ. තරුණයන් අතෙහි පළදන බ්‍රේස්ලට් දෙකක් අතෙහි දමා ගත්තෝය, පිරිමි ලමුන් දෙදෙනෙක් ලෙස සැරසුණ ඔවුන් සිය නම් දෙක වෙනස් කර ගත්තේ දීපක් හා රාජු ලෙසයි. ගමේ ඇතැම් අය දැන ගත්තද මේ ඇත්තටම ඉන්නේ කවුදැයි බාබර් සාප්පුව වෙත එන්නන් නොදත්හ, අලුත් තරුණයන් දෙදෙනාට සුතුති කරමින් ඔවුන් රැවුල්ද කොණ්ඩයද කපා ගත්තා පමණක් නොව පිළිවෙළට තමන්ට අවශ්‍ය පරිදි ඉවසීමෙන් කොණ්ඩය කපන මේ තරුණයන් දෙදෙනාව තව අයට හදුන්වා දෙන්නටද කටුයුතු කළෝය.

දෙදෙනාම සිය අධ්‍යාපන කටයුතු කළ නිසාම දෙදෙනාටම සිය සෛ්වා ස්ථානය විවෘත කරන්නට සිදු වූයේ පාසැල් අවසන් වී නිවසට පැමිණි පසුවයි. ඒ නිසාම හවස් වරුව පමණක් කොණ්ඩා කැපීමේ කාර්යයේ නියැළෙන්නට ඔවුන්ට සිදු විය.


ඔවුන් ගේ සේවය කෙතරම් හොදින් සිදු වුනාද යත් දිනය අවසාන වන විට ඔවුන්ගේ දවසේ ආදායම රුපියල් 400කි. එයසිය පියාගේ ප්‍රතිකාර සදහා මෙන්ම පවුගේ යැපීමටද ප්‍රමාණවත් විය.

ක්‍රමයෙන් ව්‍යාපාරය සාර්ථක වෙමින් පවතිද්දී තම අනන්‍යතාව හෙළි කළ යුතු යැයි සිතූ ඔවුන් වසර 4කට පසු සිය ඇතැම් සේවා ලාභීන් හමුවේ විවෘත විය.
ඔවුන්ගේ මෙම ක්‍රියාව මාධ්‍යට ආවරණය වන්නේ ඉන් පසුවයි.
ඉන්දියාවේ ගෝර්කා පූර් හී මාධ්‍ය වේදියෙක් විසින් ඔවුන්ගේ කථාව ඉනදීය සමාජය වෙත ගෙන ගියේ ඔවුන්ගේ ධෛර්යයට සහායක් ලෙසය. පුවත් පත හේතුවෙන් මේ පිළිබද දැන ගත් ඉන්දීය රජය මෙම තරුණියන් දෙදෙනා වෙනුවෙන් සිය ගෞරවයද පුද කරමින් ඔවුන්ට මුදලින් ත්‍යාග ලබා දුන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි