×

මාධ්‍යවේදියෙකු මරා දැමූ ඉන්දියාවේ සුපසිද්ධ ගුරු ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්.

තමන්ව දෙවියකු ලෙස හදුන්වා දෙමින් අනුගාමිකයන් රවටමින් සිටි මේ පූජකයා වසර 20ක කාලයක් තිස්සේ අදහන්නන් මිලියන ගණනකි.


2002 වසරේදී  මාධ්‍යවේදියෙකු මරා දැමීම සම්බ්ධව සහ කාන්තාවන් දෙදෙනෙකු ලිංගිකව අපයෝජනය කිරීම හේතුවෙන් ඉන්දියාවේ සුප්‍රසිද්ද ආගමික නායතයෙකුට පසුගිය දා ඉන්දීය අධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දුන්නේය.

ඔහුට ලබා දුන් සිර දඩුවමට එරෙහිව මේ වන විට ඔහුගේ අනුගාමිකයන් විසින් දැඩි විරෝධතා ක්‍රියාමාර් ගනිමින් සිටින අතර කෝලහාල හේතුවෙන් පසුගිය සතිය තුළ මිය ගිය සංඛ්‍යව 36කි. සිය ගණනක් තුවාල ලබා ඇත.

ගුර්මිත් රාම් රහිම් සිංග් නමින් හදුන්වන ගුරු හෙවත් මෙම පූජකයා විසින් සිය අනුගාමිකාවන් දෙදෙනෙකුව ලිංගික දූෂණයට ලක් කිරීම සමබන්ධව වීඩියෝවක් නිකුත්වීමෙන් පසු ඔහුට සිර දඩුවම් ලබා දුන් අතර ඒ පිළබදව හෙළි කළ මාධ්‍ය වේදියා මරා දැමීමට විරුද්ධවද ඔහුගේ සිර දඩුවම ජීවිතාන්ත කාලය දක්වාම නියම විය.

තමන්ව දෙවියකු ලෙස හදුන්වා දෙමින් අනුගාමිකයන් රවටමින් සිටි මේ පූජකයා වසර 20ක කාලයත් තිස්සේ අදහන්නන් මිලියන ගණණාවකි.
ඔවුන්ගේ ආධාරයෙන් ඔහුට ඉන්දියාව පුරා ප්‍රාන්ත 10ක ආශ්‍රම 10ක් පැවතිවාගෙන යන බව ඔහුගේ සංවිධානය වන දෙරා සච්ච සවුදා හී වෙබ් අඩවිය සදහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි