×

ඉන්දියාවේ මහදැන මුත්තෝ කොපි කිරිල්ලට දුන් විසඳුම

ශිෂ්‍යයින්ට විභාගයට මුහුණ දීම සදහා අවසර ලබා දී ඇත්තේ කාඩ් බෝඩ් පෙට්ටියක් හිස පළදවා ගනිමි


ඉන්දීය පාසැලක ප්‍රධාන නිළධාරීන් විසින් පසුගියදා සිය පැසැලේ දරුවන්ගෙන් මෙන්ම සමස්ත ඉන්දියාවෙන්ම සමාව ඉල්ලා සිටින ලදී, ඒ් පාසැලේ දරුවන් හට පැවති විභාගයකදී ඔවුන් ගමනය කළ පියවරක් ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි ලෙස විවේචනය වීමෙන් පසුවයි.

මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ හාවේරි හී භාගට් පාසලේ රසායන විද්‍යාව පිළබද විභාගය අතර තුරදීය.

ශිෂ්‍යයින්ට විභාගයට මුහුණ දීම සදහා අවසර ලබා දී ඇත්තේ කාඩ් බෝඩ් පෙට්ටියක් හිස පළදවා ගනිමිනි. ශිෂ්‍යයින් විභාගය කොපි කිරීම වැළැක්වීම සදහා එම පැසැලේ නිළධාරීන් සහ ගුරුවරුන් විසින් දරුවන් සදහා මෙය අනිවාර්ය විභාග රීතියක් බවට පත් කර ඇත.

කාඩ් බෝඩ් පෙට්ටියෙන් මුහුණ ආවරණය කරගනිමින් මුහුණ පිහිටන පැත්ත පමණක් විවෘතව තබා ගනිමින් පෙට්ටිය පළදාගෙන විභාගය ලිවීමට ලිවීම පිළීබව දරුවන් සිය අප්‍රසාදය පල කරන ලදී.

මේ පිළිබදව මෙම පාසැලේ ප්‍රධාන පරිපාලක නිළධාරියා විසින් මහජනයා ඉදිරියේ සිය සමාව ඉල්ලා සිට ඇත.

තවත් කොහේ හෝ පාසැලක මෙම ක්‍රමය භාවිත කර ඇති බවට ආරංචි වීමෙන් පසු තමන්ද එම ක්‍රමය පාසැලේ සිසුවන් ගේ විභාගයේදී අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කළ බවයි.

තමන්ගේ මුහුණ ආවරණය කර ගැනීම සදහා ශිෂ්‍ය්‍යින් තමන් විසින්ම කාඩි බෝඩ් පෙට්ටියක් රැගෙන ආ යුත් අතර මෙම ක්‍රියාව අමානුෂීය ක්‍රියාවක් බව අධ්‍යාපන කෂේත්‍රයේ නිළධාරීන් විසින් විවේචනය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි