×

සුප්‍රසිද්ධ අයෝධ්‍යා නඩු තීන්දුව අදයි

නගරයේ ආරක්ෂාව තර කෙරේ


අද ඉන්දීය වැසියන් කාලයක් තිස්සේ ම බලා සිටි නඩුව තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් අයෝධ්‍යා නගරයේ ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්ථා වේ.

අයෝධ්‍යා නගරයේ හිංදු සහ මුස්ලිම් වැසියන් අතර බාබ්රි නම් පූජනීය ස්ථානය සම්බන්ධව පැවති දීර්ඝ කාලීන ගැටුමක් සදහා අද දින විනිශ්චය ලබා දීමට නියමිතව ඇත.

මේ වන විට අමතර හමුදා සහ පොලිස් නිලධාරීන් පන්දහසක් පමණ අයෝධ්‍යා නගරයට යොදවා ඇති අතර

නඩු තීන්දු අපේක්ෂාවෙන් ආගමික කණ්ඩායම් වලට සම්බන්ධ දෙපාර්ශවයම මේ වනවිටත් අයෝධ්‍යා නගරයට පැමිණ සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම ආගමික ස්ථානය හේතුවෙන් පසුගිය වසර ගණනාව තුළ ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් මියගොස් ඇත.

Indian Muslim supporters and activists take part in a protest in Mumbai on December 6, 2018 to mark the 26th anniversary of the demolition of the 16th Century Babri Masjid in Ayodhya


මෙම පූජනීය ස්ථානය තමන්ට අයත් එකක් බවට හින්දු බැතිමතුන් සළකන අතර රාම දෙවියන්ගේ උපන් ස්ථානය මෙය බව ඔවුහු සළකති. ඒ හේතුවෙන් එහි හින්දු ආගමික පූජනනීය ස්ථානයක් ඉදි කිරීමට ඔවුහු සූදානම් වෙති. නමුත් මුස්ලිම් ජාතිකයන් පවසන්නේ මෙය කම පරම්පරාවෙන් පැවත එන පූජනීය ස්ථානයක් බවයි.

මේ වන විටත් අයෝධ්‍යාවේ සියළු පාසැල් සහ පොදු ස්ථාන වසා දමා ඇති අතර පූජනීය ස්ථානයට අතුල් වන සියළු මාර්ගද වසා දමා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි