×

අදානිගේ තැන මුකේෂ් අම්බානිට; අදානිගේ පාඩුව ඩොලර් බිලියන 100ඉක්මවයි.

මුකේෂ් අම්බානි මේ වන විට ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.


ආසියාවේ ප්‍රමුඛ ධනවතා වන ගෞතම් අදානිගේ වත්කම් පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් හින්ඩන්බර්ග් පර්යේෂණ වාර්තාවක් පසුගිය ජනවාරි 24වන දා නිකුත් වීමත් සමඟ, අදානි එන්ටර්ප්‍රයිසස් හි කොටස් විකිණීමේහි වෙළඳපල පාඩුව ඊයේ(02)දිනය වන විට ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බව වාර්තා වේ.

මේත් සමඟ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි ස්ථානයට පත් වූ අදානි තවදුරටත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා නොවන අතර ඔහුගේ ශුද්ධ වටිනාකම සතියක් තුළ ඩොලර් බිලියන 64.6 දක්වා අඩකින් අඩු වී ඇත.

ප්‍රකෝටිපතියන් වන එලොන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල්ට්ට පසුව අදානි ලැයිස්තුවේ තුන්වන තැනට පත්ව ඇති අතර Reliance Industries හි අධිපති මුකේෂ් අම්බානි මේ වන විට ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

බ්ලූම්බර්ග් නිවුස් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, අදානි සිය සමූහ ව්‍යාපාරයන් වන Adani Enterprises, Adani Total Gas, Adani Green Energy සහ Adani Transmission, Adani Portsහි මූල්‍යමය විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. මේ අනුව ආර්ථික විශ්ලේෂකයන් විසින් අදානි සමූහ ව්‍යාපාරයන්හි පහත වැටෙන කොටස් සහ බැඳුම්කර මිල ඉන්දියාවේ මූල්‍ය පද්ධතියට ඇති විය හැකි පුලුල් බලපෑම පිලිබඳ කනස්සල්ල මතු කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි