×

ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඇති දේශයක, මැතිවරණයක තතු

එළැඹෙන ඉන්දියානු මහා මැතිවරණය ගැන සංඛ්‍යාත්මක විස්තරයක්


ලෝකයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සැළකෙන ඉන්දියාවේ මීලග මහා මැතිවරණය එළැඹෙන මැයි මාසයේදී පවත්වන්නට කටයුතු සූදානම් කරමින් සිටී.

මීළග වසර 5 සදහා තමන්ව පාලනය කළ යුත්තේ කවුරුන් විසින්ද යන්න තීරණය කරන්ට මිලියන සිය ගනණක ඉන්දියානුවන් මග බලමින් සිටී,

එළැබෙන ඉන්දියානු මැතිවරණය පිළබද සංඛ්‍යාත්මක තොරතුරු කිහිපයක්

මිලියන 875

නව ආණ්ඩුවක් පත්කිරීමට මීලග මහා මැතවරණයේදී පෙළ ගැසෙන ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 875කට ආසන්න්ය. .

– 545

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලෝක් සභා හෙවත් ජනතා මන්ත්‍රී මණ්ඩලයයේ ආසන සංඛ්‍යාව 545කි. මින් දෙකක් ඇන්ගිලෝ ඉන්දීය ප්‍රජාවට හිමි වන අතර සෙස්ස නියෝජනය කරනු ලබන්නේ ඡන්ද කොට්ඨාෂ වලිනි. බහුතුරයක් ආසන දිනා ගන්නා පක්ෂය පාර්ලිමේන්තු බලය පිහිටුවන අතර ඒ අතරින් අගමැති තෝරා ගනී,

– මිලියන 1

මෙවර මැතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් රට පුරු ස්ථාපිත කරන්නට නියමිතය‍

– මිලියන 10

මැතිවරණ මෙහෙයුම් සදහා ඉන්දීය ආරක්ෂක අංශද ඇතුලු විශාල සංඛ්‍යාවක් සහභාගී කරවා ගන්නා අතර මැතිවරණ කාර්යමණ්ඩලය මිලියන 10කට වැඩි වනු ඇති බව මැතිවරණ බලධාරීන් පවසයි.

– 464

ඉන්දියාවේ විශාලතම මහ මැතිවරණය සදහා සහභාගී වන පක්ෂ සංඛ්‍යාව 464කි. ඊට අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය, විරුද්ධ පක්ෂය වන කොංග්‍රස් පක්ෂය යන පක්ෂ මූලික වේ.

– 8521

මෙවර මැතිවරණය සදහා සහභාගී වන සමස්ථ ඡන්ද අපේක්ෂකයන් සංඛ්‍යාව 8521ක් වේ. විවිධ පක්ෂ නියෝජනය කරමින් මැතිවරණය සදහා ඉදිරිපත් වන ඔවුන් විවිධ සංස්කෘතීන්, ආගම් මෙන්ම කුල නියෝජනය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි