×

සඳ පෙනි පෙනී චන්ද්‍රයාන්-02 නිහඬ වෙයි

මෙහෙයුම සාර්ථක වීමට තව තිබී ඇත්තේ තත්ත්පර කිහිපයක කාලයකි


ඉන්දියාව විසින් චන්ද්‍රයා වෙත යැවූ චන්ද්‍රයාන් දෙක යානය දෙවන වතාවට ඉතා සාර්ථක ලෙස කක්ක්ෂ ගත කෙරුණද නැවතත් එය අක්‍රීය ඇති බවට වාර්ථා වේ. ඒ එය විසින් රැගෙන ගිය වික්‍රම් නම් මොඩියුලය සද මතට පතිත කරවීමට ඉතා සුළු වේලාවක් පවතින විටය. ඉන්දීය වාර්තා ප්‍රකාශ කරන්නේ සදට ආසන්නව තිබියදී චන්ද්‍රයාන් යානය පෘථවිය සමග පැවති සියළු සන්නිවේදනයන් ඇණ හිට ඇති බවයි. චන්ද්‍රයාන් විසින් වික්‍රම් මොඩියුලය සද මතට පතිත කිරීමට තවත් දුර තිබී ඇත්තේ කිලෝ මීටර් 2.1ක් පමණි.

චන්ද්‍රයාන් සද මත පතිත වන අයුරු දැක ගැනීමට එරට ජනපති නරේන්ද්‍ර මෝදි ඇතුළු විශාල පිරිසක් රැසිව සිටියහ.

ඉන්දියාව සැළසුම් කරන ලද්දේ චන්ද්‍රයාගේ දකුණු දිග පෘශ්ඨය මතට යානය ගොඩ බස්වා සද පිළීබද පර්යේෂණ සිදු කිරීමටයි.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ යානය සදට පතිත වන්නට තවත් පැවතියේ තත්ත්පර කිහිපයක් බවයි.
ඉන්දියාව මීට පෙරද චන්ද්‍රයා පිළීබදව අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළ අතර එය චන්ද්‍රයාන් 1 නමින් හැදින්විය. එමගින් රේඩාර් ඔස්සේ සද මත පවතින ජලය පිළි බදව පර්යේෂණ සිදු කළහ.

Image result for India's moon landing suffers last-minute communications loss

චන්ද්‍රයාන් 2 යානය පසුගිය අගෝස්තු මස 20 වන දින ඉන්දියාවෙන් කක්ක්ෂගත කෙරුණි.

මෙම මෙහෙයුම සාර්ථක විණි නම් සද වෙත ගිය සිව්වන රට බවට ඉන්දියාව පත්වන්නට නියමිතව තිබූ අතර මීටපෙර එය සිදුකිරීමට රුසියාව, චීනය සහ ඇමරිකාව සමත් විය.

මෙම අනපේක්ෂිත සිදුවීම පිළිබදව ඉන්දීය ජනපති සිය රටවැසියන් සහ විද්‍යාඥයින් අමතමින් පවසා ඇත්තේ මේ සදහා ඉන්දියා ව විසින් දරන උත්සහය ඉතා විශිෂ්ඨ බවත් හොද ප්‍රථිපල දකින්නට අනාගතයේදී හැකිවනු ඇති බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි