×

මුස්ලිම් ජාතිකයින් නොවන සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය

බංග්ලාදේශය, පාකිස්ථානය හා ඇෆ්ගනිස්තානය යන රටවලින් අවශ්‍ය ලිය කියවිලි නොමැතිව සංක්‍රමණය වූ හින්දු , ජෛන, ඇතුළු මුස්ලිම් නොව ආගමික කණ්ඩායම් සදහා මෙම අවස්ථාව හිමි වේ.


මුස්ලිම් ජාතිකයන් නොවන සංක්‍රමණිකයන් හට සිය රට තුළ පුරවැසි භාවය ලබා දෙන්නට ඉන්දීය පාර්ලිමේන්තු වේ පඑළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභා ඊයේ තීරණය කරන ලදී,

මෙය සම්මත වීම සදහා උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභා මගින් ද සම්මත විය යුතුව ඇති අතර බෙහෝ දුරට එමගින් අදාල පනත සම්මත කරනු ඇති බවට බලා පොරොත්තු වේ.
එ අනුව ඉල්ලුම් කරනු ලබන බංග්ලාදේශය, පාකිස්ථානය හා ඇඵ්ගනිස්ථානය යන රටවලින් අවශ්‍ය ලිය කියවිලි නොමැතිව සංක්‍රමණය වූ හින්දු , ජෛන, ඇතුළූ මුස්ලිම් නොව ආගමික කණ්ඩායම් සදහා මෙම අවස්ථාව හිමි වේ.

”ඉන්දියාව හැරෙන්නට ඔවුන්ට යන්නට තැනක් නැහැ.. එරට නිවාස කටයුතු අමාත්‍ය රන්ජිත් සින්ග් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ පනතට අනුව ප්‍රරවැසිභාවය  හිමිවන ප්‍රතිලාභීන්ට ඉන්දියාවේ ඕනෑම ප්‍රාන්තයක ජීවත් වීමට අවසර ලැබේ.

මේ පිළිබදව විවේචනද මේ වන විට එල්ල වෙමින් පවතින අතර එලැඹෙන ඡන්දය සදහා ජනපති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය වන හින්දු ජාතික භාරතීය ජනතා පක්ෂය සිය ඡන්ද වැඩි කර ගැනීමට යෙදූ උපායක් බව අර්ථ දක්වා ඇත.

ඇසෑම් හී වෙසෙන සංක්‍රමණිකයන් ලෙස පුරවැසි භාවය ප්‍රතික්ෂේප වී ඇති මිලියන 4ක ජනතාව විසින් සිදු කරන ලද විරෝධතාවකින් පසු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි