×

ගෑස් කාන්දුවක් හේතුවෙන් පංජාබයේ පුද්ගලයන් 11 දෙනෙකු මරුට

ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ පුද්ගලයන් ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටින බව ද සඳහන් වේ.


උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ලුඩියානා හි ගියස්පුර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දු වීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය භගවන්ත් මාන් විසින් ගෑස් කාන්දුව සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, මේ වන විටත් ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ (NDRF) කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ පුද්ගලයන් ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි