×

ඉන්දියාව රුසියාවේ තෙල් ආනයනය දස ගුණයකින් ඉහළ නංවයි

විශ්ලේෂකයන් පවසන්නේ රුසියාව ආසියාවේ විශාලතම බලශක්ති ආනයනකරුවන්ට ලාභ තෙල් ලබා දීම දිගටම කරගෙන යනු ඇති බවයි.


ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව පසුගිය වසර තුළ රුසියාවේ ආනයනය කරන ලද බොර තෙල් දස ගුණයකින් ඉහල නංවා ඇති බව ඉන්දියාවේ බෑන්ක් ඔෆ් බරෝඩා බැංකුව සඳහන් කර තිබේ.

2021 දී ඉන්දියාව විසින් වාර්ෂික රුසියානු බොරතෙල් ආනයනයෙන් 2% ක් පමණ ආනයනය කළ අතර එම අගය මේවන විට 20% කට ආසන්න බව බැරෝඩා බැංකුව පවසයි.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බලපෑම් නොතකා, රුසියානු ආනයනයන් සඳහා බටහිර සම්බාධක පිළිපැදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාව බලශක්ති ආනයනය මත යැපෙන සහ මිලියන ගණනක් දරිද්‍රතාවයේ සිටින රටක් ලෙස, වැඩි මිලක් ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බව පවසමින් ඉන්දියාව තෙල් ආනයනය වෙනුවෙන් රුසියාව වෙත නැඹුරු විය.

ඒ අනුව සහනදායී වට්ටම් යටතේ රුසියානු තෙල් මිලදී ගැනීමට ඉන්දීයාව හා චීනය යොමු වූ අතර විශ්ලේෂකයන් පවසන්නේ රුසියාව ආසියාවේ විශාලතම බලශක්ති ආනයනකරුවන්ට ලාභ තෙල් ලබා දීම දිගටම කරගෙන යනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි