×

ඇමසන් බිම් විකිණීමට එරෙහිව නඩු කියා ඉක්වදෝර රජය පැරදවූ ”වඔරානිවරු”

ඉක්වදෝර රජය සාමාජිකයන් 2000ක් පමණක් සිටින ශක්තිසම්පන්න වඔරානි ආදිවාසීන්ගේ ඉඩ කඩම් විකුණා දැමුවේ ඔවුන්ටවත් නොදන්වාය.


ඉක්වදෝරයේ වඔරානි ආදිවාසීන්ට පසුගියදා සතුටින් ඇළලී ගිය දිනයක් උදා විය. ඒ සතුටට ඔවුන් ඉක්වදෝර අධිකරණය ඉදිරිපිට ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. කාලයක් තිස්සේ ඉක්වදෝර රජය විසින් ඇමසන් භූමියේ ඉඩ කඩම් විකුණා දැමීමට විරුද්ධව ඔවුන් ගෙන ගිය සටනට වසර ගණණාවකි.

ඇමසන් වනය සිය වාස භූමි කර ගත් වඔරානි ගෝතිකයන් ඊට බිදකුදු හානි නොකර වනාන්තරය සිය පණමෙන් රැක ගත්ත්ද ඉක්වදෝර රජය විසින් ඔවුන්ට අයත් භූමිය කොටස් කර විකුණා දැමීමට නොගත් උත්සහයක් නැති විය. එසේ නොකරන්නයි රජයට බලකරමින් වඔරානි ආදිවාසීන් නොකළ දෙයක් නැත. නමුත් රජය සිය තීරණය වෙනස් නොකළේය . ගන්නට තිබූ අවසන් උත්සහය රජයට එරෙහිව නීතියේ පිළිසරණ පැතීමය. එහි අවසානය වූයේ වඔරානි ගෝත්‍රිකයන් වාසය කරන ඇමසන් බිම් විකුණන්නට රජයට අයිතියක් නැති බව එරට අධිකරණය විසින් තීන්දුවක් ලබාදීමයි. ලැබුණු තීන්දුව සම්බන්ධව ඉක්වදෝර රජය අභියාචනා කලද පිළිතුර එයමය.

ඉක්වදෝර රජය සාමාජිකයන් 2000ක් පමණක් සිටින ශක්තිසම්පන්න වඔරානි ආදිවාසීන්ගේ ඉඩ කඩම් විකුණා දැමුවේ ඔවුන්ටවත් නොදන්වාය. තම පෞරාණික ඉඩ කඩම් තෙල් හා ගෑස් ගම් වලට ඉක්ව දෝර රජය විසින් එසේ විකිණීමේ ව්‍යාපාරයක් අරඹා තිබුණේ කලකය පෙර සිටමය.
පසුගිය බ්‍රහස්පතින්දාවේ ඉක්වදොර අධිකරණය විසින් එරට රජයට එරෙහිව මෙ තීරණය ලබා දෙන ලදී.

මේ ජයග්‍රහණය මගේ මුතුන් මිත්තන් වෙනුවෙනි. කාලයක් තිස්සේ සිදු කල සටනින් ජය ගැනීමෙන් පසු වඔරානි වරුන් එසේ පවසා සිටියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි