×

කේන්ති ගිය අති උත්තම ”පාප් ” තුමාට පරණ ජොබ් එක මතක් වෙයි

සිදු වූ වරදට වතිකානුවේ සිට ඔහු කිතුණූ ලෝකයෙන් සමාව ඇයැද සිටි මුත් ඉවසීමක් නැති ආගමික නායකයෙක් තව දුරටත් ඔවුන් ඉවසා සිටිනු ඇතිද?


 

සුදු ඇඳුමට, ලෝගුවට,සිවුරට මුවා වූ යක්ෂයින්.. දෙවියන් සේ පූජාසනයේ වැජඹුනත්… සත්‍ය හෙළි වන්නට ගත වන්නේ ක්ෂණයකි.  2020 වසර උදාවෙද්දීම ඒ ගැන මනා පාඩමක් ලෝ වැස්සන්ට ඉගැන්වීය.

කිතුණුවන්ගේ ජ්‍යොෂ්ඨයා ලෙස සැළකෙන අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ශාන්ත පීතර චතුරස්‍රයේදී සුපුරුදු පරිදි දරුවන් සහ කිතුණු බැතිමතුන් වෙත නව වසරට ආශිර්වාද කරමින් සිටියේය. හිටි අඩියේම ඔහුගේ ආශිර්වාදය ඉල්ලා සිටි කාන්තාවක ඔහුගේ පහර කෑමට ලක් වූ වීඩියෝවක් අද ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රචාරය වූයේ කිතුණු ලෝකය කළඹවමිනි.

නත්තල පසුවී ගත වූයේ සතියකි , නව වසර උදා වුණා පමණි… වතිකානුවේදී සාමයද, ආදරයද ගැන ලෝකයට දේශනා කළ උන්නාන්සේ අද උන්නාන්සේගෙන් දයාව ඇයැද සිටි ගැහැණියකට පහර දුන්නේ ජීවිත කාලයටම දේශනා කළ සියල්ල හුදු වචන බවට පත් කරමිනි.

[embedyt] https://www.youtube.com/watch?v=3WySwhj2SwE[/embedyt]

සිදු වූ වරදට වතිකානුවේ සිට ඔහු කිතුණූ ලෝකයෙන් සමාව ඇයැද සිටි මුත් ඉවසීමක් නැති ආගමික නායකයෙක් තව දුරටත් ඔවුන් ඉවසා සිටිනු ඇතිද?

ඉවසා සිටිය යුතුද?

පාප් වහන්සේ ගේ මෙම හැසිරීම පිළිබදව අන්තර්ජාලය තුළ දැකිය හැකි වූයේ විවේචනම පමණකි.

ලෝකය ඉදිරියේ කෙතරම් දයාවන්තයෙක් වන්නට උත්සහා කලද සුදු ලෝගුවකට සැබෑ මිනිසා වසන් කළ හැක්කේ සීමිත කාලයකදී පමණක් බව පාප් තුමාගේ හැසිරීමේන් ලෝකය වටහා ගත යුතු බවට එම විවේචන බොහොමයකින් ම පාහේ ප්‍රකාශ වී තිබිණී

ෆ්‍රැන්සිස් පාප් යනු කවුද?

ෆ්‍රැන්සිස් පාප් යනු 8 වන ශතවර්ෂයේ රජකම් කළ සිරියානු ජාතික III ග්‍රෙගරිගෙන් පසු යුරෝපයෙන් පිටස්තරව වතිකානුවේ මෙන්ම කිතුණු ලෝකයේ නායකයා වූ ප්‍රථම ඇමරිකානුවාය. දක්ෂිණ අර්ධගෝලයෙන් පැමිණ වතිකානුවේ නායකයා වූ පළමු වැන්නාය. පාප් වරයෙකු වූ පළමු ජේසු නිකායිකයාය.

ජෝර්ජ් මාරියෝ බරගොග්ලියෝ නමින් උපත ලැබූ ඔහු දහසය වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ අනුගාමිකයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කිතුණූ නියෝජිතයෙකු වන්නට පෙර බුවනෝස් අයර්ස් හි සමාජ ශාලාවක බවුන්සර් වරයෙකි. රසායනික විද්‍යාගාරයක කාර්මික ශිල්පියෙකු ලෙසද සේවය කර ඇති ඔහු ආගමික නියෝජිතයෙකු වන්නට පෙර විවාහකයෙකි.

ආගමික නායකයෙකු වන්නට මිනිසෙකුගේ ඉතිහාසයට වඩා අදාළ වන්නේ ඔහු වර්ථමානයේ වචනයේ පරිසමාප්ථාර්යෙන්ම අදාළ දර්ශනයේ පුරෝගාමියෙකුද යන්නය. නමුත් අද කිතුණුවන්ට සිය නායකයා වන ෆ්‍රැන්සිස් පාප් එසේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දයාවෙන් හා ආදරයෙන් පිරුණූ අයෙක්ද යන්න තවත් වරක් සිතන්නට වන අත් දැකීමකට මුහුණ දෙන්නට සිදු විය.

නව වසරේ පාප් වහන්සේගේ හස්තය ස්පර්ෂ කර ආශිර්වාදය ලබා ගැනීමට ඇතැමුන් පැමිණේන්නේ බොහෝ දුර බැහැර සිටය. ඇතැමුන් පැය ගණන් ඒ වෙනුවෙන් මග බලා සිටිති. එය ඔවුන්ගේ ජීවිතයේ ඔවුන්ට ලැබෙන අති මහත් භාග්‍යවන්ත අවස්ථාවය. ඒ බව ෆ්‍රැන්සිස් පාප්ට හිටි හැටියේ අමතකව යෑම ලැජ්ජා සහගත මෙන්ම පුදුම සහගත දෙයකි. ආශිර්වාද ලබා ගන්නට ආ කාන්තාව පාප් වහන්සේ පැමිණෙන තෙක් බලා සිටින්නේ ඉතා ඉවසීමෙනි. නමුත් ඇය ළගටම පැමිණ ඔහු ඇයව මග හැර යෑම ඇයට ඉවසිය හැක්කක් නොවන්නට ඇත. මන්ද ආශිර්වාද ලබා ගැනීමට ඉදිරි පෙළට එන්නට ඇය බොහෝ වෙහෙසෙන්නටද ඇත. ඇය පාප් වහන්සේගේ අතින් අල්ලා ගන්නේ දැඩි භක්තියෙන් හෝ කුමන අදහසකින් වේවා.. පාප් වහන්සේගේ ප්‍රතිචාරය කිසිවෙකුටත් සාධාරණීය කරණය කළ හැක්කක් විය නොහැකිය

එය හරියටම සුදු පැහැ ජාතික ඇදුමට මුවාවූ ලංකාවේ දේශපාලකයන් සේම කහ සිවුරට මුවාවී  බෞද්ධ දර්ශනය මග හැරුණ භික්ෂූන්ව මතකයට නංවන හැසිරීමකි.

පසු ගියදා අම්පිටිය සුමන රතන භික්ෂුව පුද්ගලයෙකුගේ කණට ගැසූ පසුත් ඇතැම් බෞද්ධයන්ට ඔහු ජාතික වීරයෙක් බවට පත්විය. ඒ ලාංකිකයන් වැඩි පිරිසක් ආගම දහම රැක ගැනීමේ චේතනාවෙන් සිය ආගමේ මූලික හරයන් පවා අමතක කිරීමය.

සුමනතිස්ස භික්ෂුව බෞද්ධයෙකු ලෙස කළ යතුව තිබුණේ එය නොවන්නේය. පාප් වහන්සේගේ අද හැසීරීමද ඊට නොවෙනස්ය. තවකෙක් පැවසුවේ උතුරේ කාෂ්ඨක අවුව අම්පිටියේ සුමන රතන ව දැඩි මිනිසෙක් කර ඇති බවයි. පාප් වහන්සේ සම්බන්ධවද ඔහුව සාධාරණී කරණය කිරීමට ඕනෑම හේතුවක් පැවසිය හැකිය.

නමුත් සත්‍ය වන්නේ ආගමික නියෝජිතයෙකු යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආගමික හරය උකහා ගත්තෙකු විය යුතු බවයි. තමන්ට එසේ විය නොහැකිනම් ඔහු කළ යුත්තේ පොඩි දේටත් කේන්ති යන සාමාන්‍ය පෘථජ්ජනයෙක් බවට පත් වීමය.

Image result for ampitiya sumana slap

ඒ හැරෙන්නට සුදු පැහැ ලෝගුවකට හෝ කහ සිවුරකට මුවා වූ පමණින් කිසිවෙකුත් පාරිශුද්ධයෙකු නොවන්නේය. අවශ්‍ය වන්නේ තත්පරයකටත් අඩු කාලයකුත් ඔහුගේ කැමැත්ත ඉක්මවා ගිය සුළු හැසිරීමකුත් පමණි. එකී හැසිරීමට ඔහු දක්වන ප්‍රතිචාරය විසින් සැබෑ ඔහු යනු කවුදැයි කියා දෙන්නේය.

මේ සියළු ප්‍රතිචාර මෙන්ම අත් දැකීම් ලොවට පවසන එක් දෙයක් ඇත.  එනම් අද ආගම යනු   හොඳ මිනිසෙකු හෝ යහපත් මිනිසෙකු බිහිකිරීමේ කාර්ය අමතක කළ නරක මිනිසුන්ට හොඳ මිනිසුන් ලෙස පෙනී සිටින්නට උපකාරවන මෘදුකාංගයක්  පමණක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි