×

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක් සමග සුනාමි තත්වයක් – මරණ ගණන 384 දක්වා ඉහළට

රිච්ටර් මාපකයේ 7.5ක් වුණු භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සුලවෙසි දූපත් ආශ්‍රිත පාලු වෙත බලපා තිබේ.තිස් දෙනෙක් දැනට ජීවිතක්ෂයට පත්ව ඇත.


එම භූ කම්පනයෙන් පසු එවැනිම ප්‍රබල පසු කම්පනයක් ද සිදු වූ බව සඳහන් වේ. ප්‍රබලම භූ කම්පනය සිදුව තිබෙන්නේ සෙලවෙසිහි ඩොන්ග්ගාලා නගරයේ සිට කිලෝමීටර 56ක් ඊශාන දෙසට වන්නට පිහිටි ස්ථානයක, කිලෝමීටර 10ක් ගැඹුරට පොළොව අභ්‍යන්තරයෙහි ය. ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද ඇතිවුණු බව සඳහන් වේ. මුහුද රළ මීටර 3ක් පමණ ඉහළ ගිය බව එරට කාලගුණ බලධාරීහු සනාත කරති.

BBC

BBC

මේ විපත්වලට මැදිව පුද්ගලයන් 384දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නවතම වාර්තාවල සඳහන් වේ.ජීවිතක්ෂයට පත් අයගේ දේහ සොයා ගැනීම පවා අසීරු වී තිබිණ. තුවාල ලැබූ පුද්ගලයන් දොළොස්දෙනෙකු පමණ හදිසි ශල්‍යකර්ම සඳහා භාජනය කෙරිණ.

9News

9News

භූ කම්පනය සහ සුනාමි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැඟිලි, පාලම්, මහා මාර්ග ආදිය මුළුමනින්ම වාගේ බිඳ වැටී ඇත. සුනාමියෙන් විනාශයට පත් ගොඩනැඟිලි අතර ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය, කුඩා කුඩා අවන්හල් සහ නිවාස තිබේ. ප්‍රදේශයේ සන්නිවේදන සහ විදුලිබල පහසුකම් සහමුලින්ම ඇනහිට ඇත. විපතට පත් ජනයා සුන්බුන් අතර තවමත් රැඳී සිටිති. ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියාවේ ජාතික ආපදා ඒජන්සිය ප්‍රකාශ කර සිටී.

පාලු දූපතේ රෝහලක් | BBC

පාලු දූපතේ රෝහලක් | BBC

ඉන්දුනීසියාවේ ලොම්බොක්‌ දූපත ආශ්‍රිත ප්‍රදේශයට පසුගිය අගෝස්තු මාසයේදී භූ කම්පන මාලාවක් බලපෑවේය. එයින් පුද්ගලයෝ 460කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ.

BBC

BBC

2004 වසරේදී ඇති වූ සුනාමියෙන් ඉන්දුනීසියාවේ පමණක් 120,000කට ආසන්න සංඛ්‍යාවක් මරුදුටු බව සඳහන් වේ.

ගිනිමුදුව හෙවත් භූ ක්‍රියාකාරකම් අධික පෙදෙසක ඉන්දුනීසියාව පිහිටා ඇති බැවින් එරටට බලපාන භූ කම්පන සංඛ්‍යාව වැඩි බව භූ ගර්භ විශේෂඥයෝ පවසති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි