×

ජකාර්තාවට ආයුබෝවන් කියා අලුත් අග නුවරක් සොයන ඉන්දුනීසියාව‍

ජකාර්තාව මිලියන 10කට අධික ජනගහණයකට නිවහනයි


ජකාර්ථාව ඉන්දුනීසියාවේ අග නගරයයි. නමුත් හේතුන් කිහිපයක් මත අග නගරය වෙනත් ප්‍රදේශයක් වෙත ගෙන යන්නට ඉන්දුනීසියානු රජය සැළසුම් කරමින් සිටී.

ඉන්දුනීසියානු ජාතික සංවර්ධන සහ සැළසුම් අමාත්‍ය බැම්බන්ග් බ්‍රොද්ජොනෙග්රෝ පවසන පරිදි ජනපති ජෝකෝ විඩෝඩෝ මේ සදහා සිය අනුමැතිය ලබා දී ඇත. සී එන් එන් ඉන්දුනීසියා සේවයට අනුව රජය මෙතෙක් නිශ්චිතවම අදාළ ස්ථානය තීරණය කර නැතත් බෙහෝ විට ඉදිරියේදී අග නගරය ඉදි වනු ඇත්තේ ජාවා දූපතින් පිටත දූපතකය.

රොයිටර් සේවය පවසන්නේ ජාතික සංවර්ධන සහ සැළසුම් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත්තේ නැගෙනහිර ප්‍රදේශය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බවයි. කෙසේ වෙතත් මේ සදහා වසර 10ක කාලයක් ගත වනු ඇතැයි බලාපොරොත්තු වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ජකාර්තාව මිලියන 10කට අධික ජනගහණයකට නිවහන බවට පත් වී ඇත. එමෙන්ම අගනගරය ආශ්‍රිත ප්‍රදේශවල ජනගහනය මිලියන 30ක් ලෙසද ගණන් බලා ඇත.

ඊට අමතරව The World Economic Forum පෙන්වා දෙන පරිදි ජකාර්තාව යනු ලොව සීග්‍රයෙන් මුහුදින් යටවන නගර අතර ඉතා ඉදිරියෙන්ම සියින නගරයයි. ගංවතුර මෙන්ම භූගත ජලය හේතුවෙන් වඩාත්ම අවධානමක සිටින ජන කොට්ඨාශයක් ලෙස ජකර්තා වැසියන්ව හදුන්වා ඇත.

ඉන්දුනීසියානු රජය පවසන පරිදි නව අගනගරයක් බිහි කිරීම වෙනුවෙන් වැය කිරීමට සිදු වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 23-33 ත් අතර මුදලකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි