×

අපරාධ නීතියේ සං‍ශෝධනයන්ට එරෙහිව ඉන්දුනීසියාවේ තරුණ උද්ඝෝෂණ ඉහළ නගී

යටත් විජිත යුගයේ හදුන්වා දුන් අපරාධ නීති විධීවිධාන සංශෝධනය කිරීම සදහා එරට රජය පියවර ගනිමින් සිටී.


පසුගිය සති කිහිපය පුරා ඉන්දුනීසායානු රජය විසින් එරට අපරාධ නීතියෙහි විවිධ වෙනස්කම් සිදු කිරීම සදහා ගන්නා ලද පියවරයන්ට විරුද්ධව උද්ඝෝෂණ පැවැතිවිණ. මේ වන විට එම උද්ඝෝෂණ රැල්ල ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින්නේ රජයේ අත්තනෝමතික ක්‍රියාවන්ට මෙන්ම දූෂණ හා වංචා වලට එරෙහිවයි.

යටත් විජිත යුගයේ හදුන්වා දුන් අපරාධ නීති විධීවිධාන සංශෝධනය කිරීම සදහා එරට රජය පියවර ගනිමින් සිටී. ඒ අනුව
විවාහයෙන් පිටත ලිංගික ක්‍රියාවන් අපරාධ වරදක් ලෙස අර්ථ දැක්වීමත්, ගබ්සාව නීති විරෝධී බවට අර්ථ දැක්වීමත් සහ ජනපතිවරයාට ට එරෙහි අපහාසයන් දඩුවම් ලැබිය හිකි වරදක් බවට පත් කිරීම ආදී සංශෝධනයන් රැසකට එරට රජය සූදානමින් සිටී.

ජනතාවගේ මිනිසා ලෙස මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි ඉන්දුනීසියාවේ ජනපති ජොකෝ විඩෝඩෝගේ පාලනයේ මේ වන විට සිදුවෙමින් පවතින අනපේක්ෂිත හැසිරීමද විරොධතාකරුවන්ගේ විවේචනයට ලක්ව ඇත.

ඔවුන් පවසන්නේ ඇතැම් විට ජනපතිවරයාගේ සැබෑ ස්වරූපය මෙය විය හැකි බවත් නොඑසේනම් ඔහු මත කිසිවෙකුගේ බලපෑම තදින් ක්‍රියාත්මක වන බවත්ය.

ආදිවාසි ජනයා, තරුණ ප්‍රජාව , පාසැල් සහ විශ්ව විද්‍යාල ශීෂ්‍යයින් ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණ සදහා එක්වෙමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි