×

ඉන්දුනීසියානු රජය අරමුදල් එක්රැස් කිරීමට යොවුන් පරපුර වෙත අවදානය යොමු කරයි!

ජංගම ගිණුම් පරතරය පිරවීම සඳහා ඉන්දුනීසියාව විදේශ අරමුදල් මත රඳා පැවතීම අඩු කිරීමට පෙළඹී ඇති බවත්, ඒ සඳහා සී-පරපුරේ (z-generation) තරුණ තරුණියන් වෙත යොමිවෙමින් පවතින බවත් වාර්තා වේ.


ජංගම ගිණුම් පරතරය පිරවීම සඳහා ඉන්දුනීසියාව විදේශ අරමුදල් මත රඳා පැවතීම අඩු කිරීමට පෙළඹී ඇති බවත්, ඒ සඳහා අලුත් ක්‍රමෝපායක් සඳහා යොමිවෙමින් පවතින බවත් වාර්තා වේ.

මේ සඳහා ස්ථිර ආදායම් සහිත රැකියා සොයායන සී-පරපුරේ (z-generation) තරුණ තරුණියන් සොයාගැනීමට එරට බලධාරීන් තීරණය කොට ඇත.
සී-පරපුර යනු, 1995 – 2009 වර්ෂ අතර ඉපද මේ වන විට තරුණ වියට පත්ව සිටින ප්‍රජාවයි. 

ජකර්තා හි කෙබයෝරන් බාරු දිස්ත්‍රික්කයේ මෑතකදී පැවති අලෙවිකරණ පිළිබඳ උත්සවයකදී, ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍යංශය ජාතික ඉතිරිකිරීමේ බැඳුම්කර සඳහා සී-පරපුර අතර උනන්දුව වැඩි කිරීම සඳහා ප්‍රසිද්ධ නළු නිළියන්, ගායකයින් හා සමාජමාධ්‍ය ජාල හොබවන්නන් යොදා ගන්නා ලදී.
නවතම දෑවුරුදු බැඳම්කර එහි 007 අංකනය හේතුවෙන් මාධ්‍ය අර්ත දක්වා තිබුණේ ජේම්ස් බොන්ඩ් යනුවෙනි. එය මෙම වසරේ ස්ථිර ආදායම් සහිත රැකියා වල නිරත වීමට උනන්දු සී-පරපුරේ තරුණ තරුණියන් ඉලක්ක කොට ගෙන ඉන්දුනීසියාව දියත් කිරීමට සැලසුම් කර ඇති සැලසුම් 10න් එකකි.  

පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට හැකිවී තිබෙන්නේ සැලසුම් 5ක් පමණි. කෙසේ වෙතත්, එරට මුදල් අමාත්‍යංශය සඳහන් කර සිටින අන්දමට, නවතම දීමනා ගැනුම්කරුවන්ගෙන් අඩකට වඩා ඉලක්කකොට තිබෙන්නේ සී-පරපුරේ තරුණ තරුණියන් වේ. 

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, හිඟය පියවා ගැනීම සඳහා අස්ථාවර විදේශ ආයෝජන මත රඳා පැවතීම අවම කිරීමේ අරමුණින් ඉන්දුනීසියානු බලධාරීන් වසර ගණනාවක් තිස්සේ දේශීය ඉතුරුම් බලමුලු ගැන්වීමට උත්සාහ දරා ඇත. එරට රජයේ බැඳුම්කරවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් දැනට විදේශිකයන් සතුය.

එබැවින් එරට ස්ථිර ආදායම් සතු සී-පරපුරේ දරුදැරියන් හරහා අරමුදල් එක්රැස් කිරීම දිරිගැන්වීම ඔවුන්ගේ අභිලාශය වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි