සටහන: සශිකලා මධුෂාණි,මැයි 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියාවේ හල්මහේරා දූපතේ පිහිටි ගිනි කන්ද සක්‍රියව ඇති බව ඉන්දුනීසියාවේ ගිනිකඳු විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබේ.
එහි ආවාටය වටා දම් පැහැති අකුණු සැර වැදීම නිසා, ඉහල අහසට අළු පති අළු ධාරා යවමින් සක්‍රිය වූ ගිනිකන්ද හේතුවෙන් අවට ගම්මාන හතක ජනතාවට ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ. ආපදා අවම කිරීමේ ආයතනයෙන් අබ්දුල් මුහාරි නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, අවට ගම්මානවලින් පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා පොලිස්, හමුදා සහ සෝදිසි සහ ගලවා ගැනීමේ නිලධාරීන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බවයි.
මෙම මස මුලදී ඉබු ගිනි කන්ද කිහිප වතාවක් පුපුරා යාමෙන් පසුව, ඉන්දුනීසියාවේ ගිනිකඳු විද්‍යා ඒජන්සිය බ්‍රහස්පතින්දා ගිනි කන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළම මට්ටමට ඉහළ නැංවීය. ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට වඩා පුපුරා ගොස් තිබේ.