×

රුසියාව සමග න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වේ

....


රුසියාව සමග පවතින Intermediate-Range Nuclear Forces Treaty (INF) හෙවත් අන්තර් ශ්‍රේණිගත න්‍යෂ්ටික ගිවිසුමෙන් තමන් ඉවත් වන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

මෙම ගිවිසුම දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් රුසියානු නායක මිහයිල් ගොර්බචොෆ් අතර 1987 වසරේදී ආරම්භ විය.

මෙම ගිවිසුම මගින් කිලෝ මීටර් 5500ත් 500ත් අතර දුර ප්‍රමාණයේ (සැතපුම් 310-3400 න්‍යෂ්ටික අවි භාවිතා කිරීම කහනම් විය.

නමුත් මෙම වසරේ මුල ඇමරිකාව කියා සිටියේ නව වර්ගයේ න්‍යෂ්ටික මිසයිල නිපදවීම මගින් රුසියාව විසින් මෙම ගිවිසුම කඩ කරන බවයි. නමුත් එම චෝදනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
නමුත් ඇමරිකාව ප්‍රකාශ කරන්නේ රුසියාව විසින් 9M729 මිසයිල භාවිතා කරමින් සිටින බවයි.
පසුගිය පෙබරවාරියේ ඇමරිකාව ප්‍රකාශ කලේ රුසියාව ඉන් ඉවත් නොවුනහොත් මෙම වසරේ අගෝස්තුවෙන් එම ගිවිසුමෙන් ඉවත් වන බවයි. ඒ අනුව ඇමරිකාව මේ වන විට තමන් ඉන් ඉවත් වූ බව ප්‍රකාශ කරන ලදී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි