×

අලුත් Instagram ගිණූම් සඳහා උපන් දිනය අනිවාර්ය කෙරේ!

.


ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට අලුතින් එක්වෙමින් නව ගිණුම විවෘත කරන්නන් සදහා ඔවුන්ගේ උපන් දිනය සඳහන් කිරීම ඉදිරියේදී අනිවාර්ය වනු ඇත.

වයසට අදාළ සමාජ මාධ්‍ය අත්දැකීම් පරිශීලකයන් වෙත ලබා දීම මෙම තීරණයේ අරමුණ වී ඇත.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප බෙදා ගැනීම සදහා අවශ්‍ය ගිණූමක් පවත්වා ගැනීමටනම් දැනටද අදාල පරිශීලකයා වයස අවුරුදු 13ට වැඩි අයෙක් විය යුතු වේ.

මෙසේ උපන් දිනය ඇතුල් කිරීම අනිවාර්ය කිරීම මගින් ළමුන් අරමුණූ  කරගත් දැන්වීම් පළ කිරීමට දරුවන් ඉලක්ක කර ගැනීම අදාළ සමාගමේ තවත් අරමුණක් බව රොයිටර් පුවත් සේවය පවසයි. නමුත් ඉන්ටග්‍රෑම් ආයතනය පවසන්නේ එවැනි අරමුණක් තමන් වෙත නොමැති බවයි.

ඔවුන් පවසන්නේ උපන් දිනය පිළිබදව තොරතුරු ඉල්ලා සිටීම මගින් බාලවයස් කරුවන් ඉන්ටග්‍රෑම් හා සම්බන්ධ වීම පාලනය කිරීම සහ වයසට ගැලපෙන පරිදි අත්දැකීම් පරිශීලකයන් වෙත ලබා දීම තමන්ගේ ප්‍රධාන අපේක්ෂාවක් බවයි.

ඉන්සටග්‍රෑම් ආයතනය සිය බ්ලොග් අඩවියේ මේ පිළීබදව සටහනක් තබමින් පවසන්නේ ඉදිරියේදී සමාජ මාධ්‍ය ගිණුම් පාලනය සහ නිර්දේශීත රහස්‍යතා සැකසුම් වැනි කටයුතු වඩාත් ගැලපෙන අයුරින් කිරීම සදහා අප ඔබෙන් ළබා ගන්නා උපන්දිනය සම්බන්ධ තොරතුරු භාවිත කරන බවයි.

මත්ද්‍රව්‍ය සහ උපත් පාලනය සඳහා වැඩිහිටියන් ඉලක්ක කළ දැන්වීම් ළමයින්ට ප්‍රදර්ශනය කිරීමෙන් වළක්වා ගැනීමට මෙම තොරතුරු ඉන්ස්ටග්‍රෑම්  වෙත උදව් වනු ඇත.

මෙම තීරණය පිළිබදව විවිධ විවේචන එල්ල වෙමින් පවතින අතර “සත්‍යාපනය කළ නොහැකි උපන්දිනයක් ලබා දෙන ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටීම, හානිකර හෝ වයස්ගත නොවන අන්තර්ගතයන්ගෙන් ළමයින් ආරක්ෂා කිරීමට ප්‍රායෝගිකව කිසිවක් නොකරනු ඇති බව ළමා සුරක්ෂණය පිළිබද ආයතනයක් වන NSPCC පවසයි.

ෆේස්බුක් ආයතනය මේ පිළබදව පවසන්නේ සෑම කෙනෙකුම ඔවුන්ගේ සැබෑ වයස බෙදා නොගන්නා බව අපි තේරුම් ගනිමු. සබැඳි සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ වයස එකතු කර සත්‍යාපනය කරන්නේ කෙසේද යන්න සමස්ත කර්මාන්තය විසින්ම ගවේෂණය කරමින් සිටින දෙයක් වන අතර මෙයට සොයා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ආයතන හා රජයන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට අපි කැපවී සිටිමු. යන්නයි

කෙසේ වෙතත් කිසිවෙකුත් ඕනෑ කමින් ඔවුන්ගේ උපන් දිනය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනු ඇති බව ඉඳුරාම කිව නොහැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි