×

ලොව භයානකම මැල්වෙයාර් යෙදුම අක්‍රිය කිරීමට සමත් වෙයි!

එමොටෙට් මැල්වෙයාර් හි යටිතල ව්‍යුහය මෙසේ නිශ්ක්‍රිය කිරීමට සමත්ව තිබෙන්නේ නෙදර්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් ජනපදය යන රාජ්‍ය්‍යන් නියෝජනය කරමින් විමර්ශන දියත් කළ තාක්ෂණික කණ්ඩායමක් විසිනි.


එමොටෙට් (Emotet) නමින් හැඳින්වෙන ලොව භයානකම මැල්වෙයාර් පරිගනක වයිරසය අක්‍රිය කිරීමට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් සමත් වී තිබේ.

එමොටෙට් මැල්වෙයාර් හි යටිතල ව්‍යුහය මෙසේ නිශ්ක්‍රිය කිරීමට සමත්ව තිබෙන්නේ නෙදර්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් ජනපදය යන රාජ්‍ය්‍යන් නියෝජනය කරමින් විමර්ශන දියත් කළ තාක්ෂණික කණ්ඩායමක් විසිනි.

අදාළ විමර්ශන කණ්ඩායම සම්බන්ධීකරණය කර තිබෙන්නේ යුරෝපීය නීති බලධාරීන් විසිනි.

මෙම එමොටෙට් නම් මැල්වෙයාර් වයිරසය පරිගනක පද්ධතීන් වල මුරපද සොරකම් කිරීමට හා දුරස්තව ක්‍රියාකරමින් හානිකර යෙදුම් පරිගනක පද්ධතීන් වලට ඇතුලත් කිරීමට සමත් බව සඳහන්.

මෙම පරිගනක වයිරසය ලොව වඩා බොහෝ සංවිධානාත්මක කල්ලි විසින් පරිගනක පද්ධති ආක්‍රමණය කිරීමට යොදා ගෙන ඇති බවට විශ්වාස කෙරේ.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද දත්ත විකෘති කිරීමට හා ලොව විශාලතම තෙල් සමාගම වන සවුදි අරම්කෝ හි පරිගනක පද්ධතීන් ආක්‍රමණය කිරීමට මෙම එමොටෙට් මැල්වෙයාර් යෙදුම භාවිතා කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්මනිය තුළ පමණක් විවිධ කණ්ඩායම් විසින් මෙම යෙදුම භාවිතා කිරීම නිසා එරටට පාඩුවූ මුදල යුරෝ මිලියන 14.5 (ඇ.ඩො. මිලියන 17.55) පමණ වූ බව ද සඳහන්.

එමොටෙට් මැල්වෙයාර් මඟින් ආක්‍රමණය කළ පද්ධතින් අතර ජර්මනියේ බර්ලින් අධිකරණය ද පවතින බවටයි එරට පොලිසිය සඳහන් කරන්නේ.

 

මැල්වෙයාර් යෙදුමක් යනු කුමක්ද?

යම් පරිගනකයකට, පරිගනක පද්ධතියකට, සේවාදායකයකුට හෝ ජාලයක් බිඳ දැමීමට හෝ හානි කිරීමට සිතාමතා නිර්මාණය කරන ලද මෘදුකාංගයක් මැල්වෙයාර් යනුවෙන් හැඳින්වේ.

පරිගනක වයිරස, වර්ම්, ට්‍රෝජන් හෝර්ස්, රැන්සම්වෙයාර්, ස්පයිවෙයාර්, ඇඩ්වෙයාර්, රෝග් සොෆ්ට්වෙයාර්, වයිපර්, ස්කෙයාර්වෙයාර් ආදී වර්ග ගණනාවක මැල්වෙයාර් ලොව පවතී.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි