×

ඉරාකයේ අන්තර්ජාලය කපා හැරේ!

රටතුළ ව්‍යාප්තව ඇති ප්‍රචණ්ඩකාරී හා රාජ්‍ය විරෝධී ක්‍රියා හේතුකොට ගෙන මෙම අන්තර්ජාල කප්පාදුව සිදුකොට ඇත.


බැග්ඩෑඩ් අගනුවර ඇතුළු ඉරාකයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශය කප්පාදු කර ඇති අතර සම්බන්ධතාවය 70% ට වඩා පහත වැටී ඇති බවට වාර්තා වේ. 

ඉරාකයේ අන්තර්ජාල අවහිරතා නිරීක්ෂණාගාරය වන නෙට් බ්ලොක්ස් පවසන අන්දමට රටතුළ ව්‍යාප්තව ඇති ප්‍රචණ්ඩකාරී හා රාජ්‍ය විරෝධී ක්‍රියා හේතුකොට ගෙන මෙම අන්තර්ජාල කප්පාදුව සිදුකොට ඇත. 

ඉරාකයේ අර්ධ-ස්වාධීන කුර්දිස්තාන් කලාපය හැරුණු විට සෑම කලාපයකම මෙසේ අන්තර්ජාලය කපා හැර දමා ඇති අතර, එමඟින් සමාජමාධ්‍ය ජාල වන ෆේස්බුක්, ට්විටර් සහ ඉන්සටග්‍රෑම් මෙන්ම පණිවුඩකාරන යෙදුම් වන වට්ස්ඇප් ඇතුළු යෙදුම් බොහොමයක් අවහිර කර පවතී. 

අර්ධ-ස්වාධීන කලාපයක් වන කුර්දිස්තාන් හට පවතින්නේ වෙනම අන්තර්ජාල යටිතල පහසුකම් සැකැස්මක් නිසා, එහි කප්පාදුවක් සිදුවී නොමැත. 

එබැවින් ඉරාක වැසියන් වීපීඑන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට පෙළඹ ඇති බවට ද වාර්තා වේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි