×

කොරෝනා හේතුවෙන් අයි.පී.එල් තරඟාවලිය කල් යයි.

 කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යාමේ ප්‍රතිඵලයක් ලෙස 2020 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භය මාර්තු 29 සිට අප්‍රේල් 15 දක්වා කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇත


කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යාමේ ප්‍රතිඵලයක් ලෙස 2020 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භය මාර්තු 29 සිට අප්‍රේල් 15 දක්වා කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇත. තරගය මාර්තු 29 සිට මැයි 24 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ මෙම පියවර “පූර්වාරක්ෂාව” සදහා ගන්නා ලද බවයි. අයිපීඑල් හා සම්බන්ධ සියලුම පුද්ගලයින්ට ආරක්ෂිත ක්‍රිකට් අත්දැකීමක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව පැවසීය.

බෙන් ස්ටොක්ස් සහ ජොස් බට්ලර් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින් තරඟාවලිය සදහා සහභාගී වීමට නියමිතය. එංගලන්තයේ සෑම් කුරන්, ජේසන් රෝයි, ක්‍රිස් ජෝර්දාන්, හැරී ගර්නි, ඉයන් මෝගන්, ටොම් බැන්ටන්, ටොම් කුරන්, මොයින් අලි සහ ජොනී බයර්ස්ටෝ යන අයද අයි.පී.එල් තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතය.

සිකුරාදා ආරම්භ වූ නවසීලන්තයට එරෙහි ඕස්ට්‍රේලියාවේ එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සංවෘත ක්‍රීඩා පිටි තුළ පමණක් ක්‍රීඩා කරන බව බ්‍රහස්පතින්දා නිවේදනය කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි