×

සොලෙයිමානි ඝාතනය: ඉරානය ඇමරිකාවෙන් පලි ගැනීමට නියමිතයි???

සොලෙයිමානි ඝාතනයට වසර 2ක් පිරෙද්දී ඉරානය ඇමරිකාවෙන් පලිගැනීමේ සූදානමක...?


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා මෙම සතියේ මැදපෙරදිග නිල සංචාරයක නිරත වන අරත, එහිදී ඊශ්‍රායලය, සවුදි අරාබිය ඇතුළු විවිධ රටවල නායකයන් හමුවීමට සූදානමින් පසුවන බව වාර්තා වෙයි.

මේ අතර, ඉරානයේ කුද් යුධ නායකවරයකු වන කසීම් සොලෙයිමානි මීට වසර දෙකකට පෙර ඝාතනය කිරීමට ඇමරිකානු හමුදා භට කටයුතු කිරීම හමුවේ ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කරමින් සිටින බවට ඇමරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ හිටපු හෝ වර්තමාන ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කරමින් සිටින බව හා මෙම ඝාතනය සිදුකිරීමට අදාළ ප්‍රහාර දියත් කිරීමට ඇති සම්භාවිතාව “ඉහළ මට්ටමක” ඇති බව උක්ත ඇමරිකානු බුද්ධි අංශ විසින් තහවුරු කළ බව යාහූ වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ පිළිබඳව එක්සත් ජනපදයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මධ්‍යස්ථානයෙන් (US National Counterterrorism Center) සහ ඇමරිකානු රහස් ඔත්තු සේවයෙන් (Secret Service) කළ විමසීමකදී ඊට ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ද එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

2020 වර්ෂයේදී ඉරාන කුද් යුධ (Islamic Revolutionary Guard Corps) නායක කසීම් සොලෙයිමානි ඝාතනය කරනු ලැබුවේ ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇමරිකානු හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයක් අතරතුරදී ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි