×

ත්‍රස්තවාදී ප්‍රහාර වෙනුවෙන් ඩොලර් මිලියන 313ක් ගෙවන ලෙස ඉරාන අධිකරණය අමෙරිකාවට සහ ඔබාමාට නියෝග කරයි

ත්‍රස්තවාදී කණ්ඩායම් සංවිධානය කිරීම සහ මඟ පෙන්වීම හා ත්‍රස්තවාදී කණ්ඩායම් නිර්මාණය කිරීමේදී CIA හි භූමිකාව පිළිබඳව මෙහිදී විශේෂ වශයෙන් සලකා ඇත.


2017 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද ප්‍රහාර හේතුවෙන් ඩොලර් මිලියන 313කට ආසන්න වන්දියක් ගෙවන ලෙස ඉරාන අධිකරණයක් විසින් එක්සත් ජනපද ආන්ඩුව පාලනය කළ හිටපු ජනාධිපති බරක් ඔබාමා ඇතුළු පුද්ගලයින් සහ ආයතන ගනනාවක් නම් කොට ඇති බව වාර්තා වේ.

2017 ජූනි මාසයේ ටෙහෙරාන් ප්‍රහාරයේදී මියගිය තිදෙනෙකුගේ සහ තුවාල ලැබූ හය දෙනෙකුගේ පවුල්වල පැමිණිලි මත අගනුවර අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් බව අධිකරණයේ නිල වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

මෙම නඩුවේ වරදකරුවන් වශයෙන් එක්සත් ජනපද රජය, ඔබාමා, හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, මධ්‍යම විධානය (CENTCOM) සහ එහි හිටපු අණදෙන නිලධාරී ටොමී ෆ්‍රෑන්ක්, මධ්‍යම බුද්ධි ඒජන්සිය, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, ආයුධ නිෂ්පාදක ලොක්හීඩ් මාටින් සහ ඇමරිකන් එයාර්ලයින්ස් සමූහය නම්කර තිබේ.

මෙම වරදකරුවන් වෙනුවෙන් වන්දි නියෝගය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අධිකරණය ප්‍රකාශ කර නොමැති අතර ත්‍රස්තවාදී කණ්ඩායම් සංවිධානය කිරීම සහ මඟ පෙන්වීම හා ත්‍රස්තවාදී කණ්ඩායම් නිර්මාණය කිරීමේදී CIA හි භූමිකාව පිළිබඳව මෙහිදී විශේෂ වශයෙන් සලකා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි