×

ඉරාන ක්‍රීඩකයෝ අමිනී වෙනුවෙන් නිහඬ වෙති

ඉරානයේ ආගමික බලහත්කාරකමට එරෙහිව ඉරාන කණ්ඩායම ලෝකයට පණිවිඩයක් දෙන්නට නිර්භීතව ඉදිරිපත් විය.ඒ ජාතික ගීය ගායනා නොකර සිටීමෙන්ය.


ඊයේ එංගලන්තයට එරෙහිව පැවති ලෝක කුසලාන පාපන්දු තරගයේදී ඉරානයට ගෝල 6 – 2 ක පරාජයක් අත් වුවත්,ඉරානයේ ආගමික බලහත්කාරකමට එරෙහිව ඉරාන කණ්ඩායම ලෝකයට පණිවිඩයක් දෙන්නට නිර්භීතව ඉදිරිපත් විය.ඒ ජාතික ගීය ගායනා නොකර සිටීමෙන්ය.
ඉරාන ජාතික මහ්සා අමිනී නොහොත් ජිනා අමිනී, ඉස්ලාමීය ජනරජයේ කාන්තාවන් සඳහා වන ඇඳුම් පැළඳුම් සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ටෙහෙරානයේදී අත්අඩංගුවට ගෙන දින තුනකට පසු මිය යාම සම්බන්ධයෙන් ජාතික විරෝධතා ඉරානය පුරා පැතිරෙමින් ඇත.22 හැවිරිදි අමිනී මිය යන සැප්තැම්බර් 16 දින සිටම මාස දෙකකට වැඩි කාලයක් මෙසේ ජාතික විරෝධතා පැවත්වෙනවා.
විරෝධතාකරුවන්ට සහය දක්වමින් ඇතැම් ඉරාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික ගීය ගායනා නොකිරීමට හෝ ඔවුන්ගේ ජයග්‍රහණ සැමරීමට තීරණය කර ඇති අතර පාපන්දු ක්‍රීඩකයින්ද අනුගමනය කර තිබෙන්නේ එම ප්‍රතිපත්තිය ය.විරෝධතාකරුවන් ඉස්ලාමීය ෂරියා නීතිය පදනම් කරගෙන අත් අඩංගුවට ගත් සහ අත් අඩංගුවේදී මියගිය අමිනී වෙනුවෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙනී සිටින ලෙස ක්‍රීඩකයන්ගෙන් නොව සහභාගි වන නරඹන්නන්ගෙන්ද ඉල්ලා ඇත.
ඒ අනුව ඊයේ පැවති තරගයේදී ඉරාන බසින් “Zan, Zindagi, Azadi” සේ කාන්තා ජීවිතවලට නිදහස යන අර්ථයෙන් සිය අත්ලේ ප්‍රදර්ශනය කළ කාන්තාවකගේ ඡායාරූපයට ජාත්‍යන්තර මාධ්‍යවල විශාල ඉඩක් හිමි වී ඇත.
ඊයේ පැවති තරගවලදී නෙදර්ලන්තය සෙනෙගාලයට එරෙහිව 2- 0 ක ජයක් ලැබූ අතර ඇමෙරිකාව සහ වේල්සය අතර තරගය 1-1 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.අද ලොව පුරා බොහෝ පාපන්දු ලෝලීන් රූපවාහිනි තිර ඉදිරියට කැඳවීමට නියමිත අතර ඒ මෙවර ලෝක කුසලානය දිනනු ඇතැයි විශ්වාසයෙන් සිටින කණ්ඩායම් අතර පෙරමුණේම තිබෙන කණ්ඩායමක් වන ආර්ජෙන්ටිනාව අද සවුදි අරාබියට එරෙහිව තරග බිමට පිවිසෙන්නේය.

RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි