×

ඔත්තු බැලීමේ චෝදනා මත ඉරානය හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු එල්ලා මරා දමයි

මෙලෙස මරණයට පත් පුද්ගලයා Alireza Akbari ලෙස ප්‍රකාශ කර ඇති අතර ඔහු ඉරාන-බ්‍රිතාන්‍ය ද්විත්ව ජාතිකයෙකු වේ.


ඉරාණය විසින් රටේ අභ්‍යන්තර හා බාහිර ආරක්ෂාවට සම්බන්ධ බුද්ධි තොරතුරු වෙනත් රටක අවශ්‍යතාවට මත ලබා දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු එල්ලා මරාදමා ඇති බව Mizan Online අධිකරණ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මෙලෙස මරණයට පත් පුද්ගලයා Alireza Akbari ලෙස ප්‍රකාශ කර ඇති අතර ඔහු ඉරාන-බ්‍රිතාන්‍ය ද්විත්ව ජාතිකයෙකු වේ. එක්සත් රාජධානියෙහි ඔත්තු සේවාවක් වන MI-6 හි අවශ්‍යතාවය මත ඉරාණයේ තොරතුරු ලබාදීම වෙනුවෙන් වන චෝදනාවන් හේතුවෙන් ඔහු මෙලෙස මරණ දණ්ඩනයට ලක් කළ බව Mizan Online පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි