×

ඉරානයේ නව කොරෝනා මරණ 149!

කොවිඩ්-19 වසංගත තත්වය තුළ වාර්තා වූ සමස්ත මරණ ගණන 9000 ඉක්මවා තිබේ.


කොවිඩ්-19 වසංගත තත්වය තුළ වාර්තා වූ සමස්ත මරණ ගණන 9000 ඉක්මවා (9276) තිබේ.

ඒ අනුව ඉරානයේ වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 149 ලෙසද ස්පාඥ්ඥයේ 129 ලෙසද සටහන් වේ.

චීනයෙන් (3245) පසු ඉහලම සමස්ත මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එය 2978 ලෙස සටහන් වේ.

ඉතාලියේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 35,713 ලෙස සටහන් වේ.

ඉරානයේ වාර්තා වූ සමස්ත මරණ ගණන 1284 වන අතර, ස්පාඥ්ඥයේ එම අගය 767 බවට වාර්තා වේ.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වූ මුළු කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 155 වන අතර අතර නව මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5 ලෙසය.

මේ වන විට ගෝලීය මට්ටමින් කොරෝනා ආසාදිත සංඛ්‍යාව 225,253 ලෙස සටහන් වේ.

කොරෝනා වසංගත තත්වය මේ වන විට ලොව පුරා රටවල් 176 ක ව්‍යාප්තව පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි