×

ගුවන් ප්‍රහාරයේ වගකීම භාරගැනීමෙන් පසු ඉරාන රජයට එරෙහිව විරෝධතා

,


යුක්‍රේණ මගී ගුවන් යානයක් ටෙහෙරානයේදී  කඩා වැටීමට වග කිව යුත්තේ තමන් බව ඉරානය පිළිගත්තද මුලින් ඔවුන එහි වගකීම ප්‍රතික්ෂේප කරන ලදී. මේ සම්බන්ධව ඉරාන රජයට සිය විරෝධතාව දැක්වීමේ අරමුණින් දහස් ගණනක් විරොධතාකරුවන් ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇත

එරට ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකක් ඉදිරියේ ප්‍රධාන වශයෙන්ම විරෝධතා පැවැත්වෙන අතර එරට රජය විසින් ඒවා මඩ පැවැත්වීමට කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

විරෝධතා සම්බන්ධව සිය ටිවිටර් ගිණුමෙහි පණිවිඩයක් පළ කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතා කරුවන්ට සිය ප්‍රශංසාව පළ කර ඇත.

Iran plane crash: Protesters condemn 'lies' on downed jet සඳහා පින්තුර ප්‍රතිඵල

ඇමරිකානු ජනපති ඉරාන ආරක්ෂක නිළධාරී සොලෙයිමානී ඝාතනය කිරීමෙන් පසු මෙම යුක්‍රේණ මගී ගුවන් යානය ටෙහෙරානයේ දී කඩා වැටීමෙන් මගීන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ගුවන් යානය කඩා වැටීමේ වගකීම මුලින් ඉරානය භාර නොගත්තද පසුව ඉරානය ප්‍රකාශ කලේ තමන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එය කඩා වැටුණ බවයි.

මිය ගිය ගුවන් මගීන් හට සිය ශෝකය ඵල කිරීම සදහා ඉරාන විශ්ව විද්‍යාල සිසුන් පසුව කළහකාරී ලෙස විරොධතා ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්ථා කරයි. ඉන් පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු තරුණයින් මිය ගිය සොලෙයිමානිගේ රූපය සහිත පෝස්ටර ඉරා දමමින් ඉරාන රජයට සිය විරෝධතා දක්වා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි