×

ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්! – මොක් වීඩියෝව නිකුත් වෙයි

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ගොල්ෆ් සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ ඉරානය විසින් දියත් කරන ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වන ආකාරය ඇතුළත් වීඩියෝවක් නැවතත් අන්තර්ජාලය කළඹමින් තිබේ.


මෙම නවතම වීඩියෝව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නිල වෙබ් අඩවියේ අන්තර්ගත කර තිබිණි.

වීඩියෝව ඇනිමේෂන් ක්‍රමයට සකස් කළ එකක් වන අතර, ෆ්ලොරිඩා ජනපදයේ පාම් බීච් හි සිය මන්දිරය ආසන්නයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා ගොල්ෆ් සෙල්ලම් කරමින් සිටින ආකාරය එහි දැක්වේ.

මෙම ඝාතන තැත අඩංගු ඇනිමේෂන් වීඩියෝවේ දැක්වෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉලක්ක කර ගැනීමෙන් පසු ඔහුගේ සහායකයෙකු ට කෙටි පණිවුඩයක් ලැබෙන ආකාරයයි.

”සොලෙයිමනිගේ ඝාතකයා සහ නියෝගය දුන් තැනැත්තා විසින් මිල ගෙවිය යුතුයි” යනුවෙන් එහි දැක්වේ.

සොලෙයිමනි යනු කවුද?

ක්වාසම් සොලෙයිමනි නමැති ඉස්ලාමීය හමුදා ප්‍රධානියා නොහොත්, ‘ඉරානයේ ජනප්‍රියම පුද්ගලයා’ 2020 වසරේදී ඝාතනයට ලක් විය. රට තුළ ඔහු හැඳින්වුණේ ‘රොක් ස්ටා ජනරාල්’ යනුවෙනි. මෙම ඝාතනය පිටුපස සිටින්නේ ඇමරිකාව බවට ඉරානය දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර, ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාවෙන් මේ සඳහා පළිගන්නා බවයි.

ක්වාසම් සොලෙයිමනි, ට්‍රම්ප්ගේ අණින් CIA ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමුණු බව ඉරානයේ විශ්වාසයයි.

ඉරානයේ මැදපෙරදිග ක්‍රියාන්විතවල සහ ‘ක්වොඩ්ස් ෆෝස්’ ලෙස හදුන්වන ඉරාන හමුදාවේ ප්‍රභූ අංශයේ ප්‍රධානියාව සිටි ක්වාසම් සොලෙයිමනී, රට තුළ ජනප්‍රියත්වයෙන් දෙවැනි වූයේ උත්තරීතර නායක අතුල්ලා කොමේනි හට පමණක් බව කියැවේ.

මේ අතර, ජෝ බයිඩන් ජනපතිවරයා පවසා තිබෙන්නේ ඉරානයේ ‘එකට එක කිරීම’ කිසිදු ආකාරයකින් නොඉවසන බවයි.

පසුගිය වර්ෂයේ ද මෙවැනිම ට්‍රම්ප් ඝාතන වීඩියෝවක් ඉරානය විසින් නිකුත් කළ අතර, ඔවුන් එයින් සිදුකරන තර්ජනය කුමක්ද යන්න ගැන ඇමරිකාව පසුවන්නේ විමසිල්ලෙනි.

පෙර ලිපිය

මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ – ක්වාසම් සොලෙයිමනී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි