×

ඉරානය 2015 JCPOA න්‍යෂ්ටික ගිවිසුමෙන් ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට සැරසෙයි

ඉරාන ජනාධිපති හසන් රොවුහානි ඉස්ලාමීය ජනරජය 2015 න්‍යෂ්ටික ගිවිසුම යටතේ පැවති සිය පොරොන්දු ඉටු කිරීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හට පවසා ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.


ඉරාන ජනාධිපති හසන් රොවුහානි ඉස්ලාමීය ජනරජය 2015 න්‍යෂ්ටික ගිවිසුම යටතේ පැවති සිය පොරොන්දු ඉටු කිරීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හට පවසා ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. 

රොවුහානි තවදුරටත් පවසා ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් සමඟ අත්සන් තැබූ එම ඒකාබද්ධ පරිපූර්ණ ක්‍රියාකාරී සැලැස්ම (The Joint Comprehensive Plan of Action: JCPOA) ඇමරිකාව විසින් නොසලකා හැර සම්බාධක පැනවූවද, තම රාජ්‍යය එම පොරොන්දු ඉටුකිරීමට සූදානම් බවයි. 

ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් අරාඛි, රොවුහිනිගේ යෝජනාව ප්‍රංශ ජනපති මැක්‍රොන් වෙත ඉදිරිපත් කරන ලදී. මෙය ප්‍රංශ ජනපති විසින් ඉදිරිපත් කළ න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිළිබඳ “තාවකාලික අත්හිටුවීමේ” සැලැස්මට විකල්පයක් ලෙසින් ඉදිරිපත් වී ඇත.

මැක්‍රොන් ගේ සැලැස්මට අනුව, ඉරානය සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වැඩිකිරීම අත්හිටුවන අතර, එම තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය මේ සඳහා සම්බාධක පනවනු ඇත.

කෙසේවෙතත්, රොවුහානි ඉදිරිපත් කළ නව යෝජනාවට අනුව, JCPOA වෙත නැවත අවධානය යොමුකිරීමට ඉරානය ඇමරිකාවට බල නොකරන අතර, ඉරානයේ තෙල් අපනයනය සහ ජාත්‍යන්තර බැංකුකරණය සඳහා සම්බාධක සංශෝධනය කරනු ඇතැයි අපේක්ෂා කරයි. ඊට ප්‍රතිචාර වශයෙන්, ඉස්ලාමීය ජනරජය හට JCPOA ගිවිසුම කෙරේ පවතින බැඳීම් අවම වනු ඇති අතර, එමඟින් 3.67% පමණ වූ යුරේනියම් සංචිතයද ඉක්මවා යනු ඇත. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි