එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති මජිද් ටක්හ්ට් රවන්චි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කොට තිබේ.
ඉරානය වෙත සම්බාධක පැනවීමට වොෂිංටනය කටයුතු කොට ඇති මොහොතක නැවත සාකච්ඡාවක් ඉල්ලා සිටීම ඇදහිය නොහැකි බව රවන්චි ප්‍රකාශ කොට තිබේ.
මෙම පුවත ඉරාන රාජ්‍ය පුවත් සේවය වන අයිආර්එන්ඒ වාර්තා කර තිබිණි.
ඉරාකයේ පිහිටා තිබූ ඇමරිකානු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කර තිබූ මොහොතේ ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට නිල වශයෙන් ප්‍රතිචාර දැක්වූ පළමු පුද්ගලයා රවන්චි ය.
රවන්චි ප්‍රකාශ කොට තිබුණේ ඇමරිකාව ඉරානය සමඟ දැඩි වෛරයකින් පසුවන බවත්, ඒ අනුව කූඩ්ස් බලකා ප්‍රධානී සොලෙයිමානි ඝාතනය කිරීමට කටයුතු කළ බවත් ය.
පසුගිය දිනක ඉරාකයේ ගුවන් තොටුපලක දී ඇමරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයෙන් ඉරාන කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි ඝාතනයට ලක් විය.
ට්‍රම්ප් ගේ නිර්වචනය වී තිබුණේ යුද්ධයක් වැළැක්වීම සඳහා ලොව සිටින දරුණුම ත්‍රස්තවාදියා ඝාතනය කිරීමට තම හමුදා සමත් වූ බවයි.
කෙසේවෙතත්, ඉරාන – ඇමරිකානු ගැටුම ජාත්‍යන්තර අවධානය පවා දිනා ගැනීමට සමත් ව තිබේ.
ඉදිරි කාලය තුළ දෙරට අතර උණුසුම්කාරී වාතාවරණය කුමන අතකට හැරෙන්නේ ද යන්න පැවසීම අපහසු වී තිබේ.
ඉරාන – ඇමරිකානු අරගලය ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති අන්දම පිළිබඳ අප මීට පෙර ඔබට හෙලිදරව් කළෙමු.