×

ඉරානය විසින් බ්‍රිතාන්‍ය නෞකාවක් අත්අඩංගුවට ගැනේ

නෞකාව නිදහස් කිරීමට ඉරානය කටයුතු නොකළහොත් ඉරානයට බරපතල ප්‍රතිවිපාක විදීමට සිදුවන බව ඉරානය පවසයි.


ඉරානය බි‍්‍රතාන්‍යයට අයත් ඉන්ධන නෞකාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ බ්‍රිතාන්‍ය නෞකාව විසින් ජාත්‍යන්තර නීති උල්ලංගනය කළ බවයි .

අත් අඩංගුවට ගන්නා ගන්නා විට මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 23 දෙනෙකු එහි සිට ඇති අතර ඔවුන් ඉන්දියානු, ලිතුවේනියානු, සහ පිලපීන ජාතිකයන් වෙයි. බ්‍රිතාන්‍ය පවසන්නේ ඉරානයේ මෙම ක්‍රියාව සම්බන්ධව දැඩි අවධානය යොමු කරනු ඇති බවයි.

හෝම් සමුද්‍රසංධියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ඉරානය විසින් මෙම නෞකාව අත්අඩංගුවට ගැනීම සදහා කුඩා යාත්‍රා කිහිපයක් සහ හෙලිකොප්ටර් යානාවක් යොදා ගෙන ඇත.

ස්ටෙරා ඉම්පේරෝ නම් මෙම නෞකාව නිදහස් කිරීමට ඉරානය කටයුතු නොකළ හොත් ඉරානයට බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් ප‍්‍රකාශ කරන ලදී.

මීට අමතරව තවත් MV Mesdar නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව ඉරානය විසින් අත්අඩංගුවට ගන්නා ලද අදර එය පසුව මුදා හරින ලදී, මේ මොහොත වන විට නෞකාව සමග තිබූ සියළු සන්නිවේදනයන් නතර වී ඇති බවට නෞකාවේ හිමිකාර සමාගම පවසන්නේය.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඉරාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ තම රටටෙහි ආරක්ෂාවට තර්ජනය වන පරිදි කටයුතු කරන නෞකාවන් තමන් විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලබන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි