×

මරන එක නතර කරන්න, අපි සාකච්ඡාවට සූදානම්, ඉරානයෙන් සෞදියට නිවේදනයක්!

කලාපීය ගැටළු සන්සුන්ව සාකච්ඡා කිරීම මිස මිනිසුන් මරා දැමීම විකල්පය නොවේ, ඉරානය සෞදියට පවසයි.


ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහමඩ් ජවාද් සරිෆ් මහතා පසුගිය අඟහරුවාදා (08) දින සෞදි අරාබිය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ රියාද් අගනුවර මනුශ්‍ය ඝාතන සිදුකිරීම නවත්වන්නේ නම් තම රාජ්‍යය කලාපීය ගැටළු සාකච්ඡා කිරීම සඳහා සූදානම් බවයි. 

සෞදි වැසියන් ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට කැමත්ත පළ කර තිබෙන වාතාවරණයක් තුළ දෙරට අතර කලාපීය ගැටළු සන්සුන්ව සාකච්ඡා කිරීම මිස මිනිසුන් මරා දැමීම විකල්පය නොවන බවටත්, එසේ විධිමත්ව සාකච්ඡා සඳහා සූදානම් වන්නේ නම් පමණක් තම ඉස්ලාමීය ජනරජයේ පූර්ණ සහය සෞදි අරාබියට හිමි වනු ඇති බවටත් ඒ මහතා තම නිවේදනය තුළින් අවධාරණය කර සිටියේය. 

අනාදිමත් කලක පටන් ෂියා මුස්ලිම්වරුන් සහිත ඉරානය හා සුනි මුස්ලිම්වරුන් සහිත සවුදි අරාබිය අතර ගල්ෆ් කලාපයේ ගැටුම් හටගත් අතර, සිරියාව හා යෙමනය අතර පවතින සන්නද්ධ අරගලය පසුපස විවිධ කණ්ඩායම් වෙත පිටුබලය ලබාදෙමින් ක්‍රියා කළහ.

පසුගිය කාලසීමාවේ දී සෞදි අරාබියේ සෞදි අරම්කෝ තෙල් කම්හල් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ද චෝදනා ගොනුවී තිබෙනුයේ ඉරානය වෙත වන අතර, එම ප්‍රහාරයේ වගකීම ඉරාන පිටුබලය ලැබේ යැයි පැවසෙන යෙමනයේ හවුතිවරුන් භාරගෙන ද තිබිණි.

මීට මසකට ආසන්න කාලයකට ඉහත සෞදි තෙල් කම්හල් ප්‍රහාරයේ වගකීම භාරගත් යෙමනයේ හවුති දේශපාලන ව්‍යාපාරය ද නිවේදනය කොට තිබුණේ ගල්ෆ් අරගලය හමුවේ සෞදි අරාබිය තමා වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන්නේ නම් තම රාජ්‍යය ද ප්‍රහාර දියත් කිරීම නතර කරනා බවට යි. එහිදී හවුතිවරුන්ගේ මාධ්‍යප්‍රකාශකවරයකු සන්නද්ධ අරගල දියත් කිරීම තම ව්‍යාපාරයේ විශ්වාසය නොවන බවද ප්‍රකාශ කොට තිබිණි.

සෞදි තෙල් කම්හල් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ගෝලීය තෙල් මිලට ප්‍රභල බලපෑමක් ඇතිකිරීමට ද සමත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි