×

ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහක යාත්‍රා මිසයිල ප්‍රහාර වලට ගොදුරු වීමේ අවදානමක්, ඉරානය අනතුරු අඟවයි

ඉරානය මිසයිල ප්‍රහාර දියත් කරන කිලෝමීටර 2000 ක පමණ දක්වා වූ සීමාව තුළ මෙම ඇමරිකානු හමුදා කඳවුරු හා ගුවන්යානා ප්‍රවාහක යාත්‍රා සියල්ල පිහිටා ඇත.


ඇමරිකානු හමුදා කඳවුරු හා සමුද්‍ර ගුවන් යානා ප්‍රවාහක යාත්‍රා ඉරාන මිසයිල ප්‍රහාර වලට ගොදුරුවීමේ අවදානමක් පවතින බවට එරට විප්ලවවාදී ආරක්ෂක අණදෙන නිලධාරියකු ප්‍රකාශ කරන ලදී. 

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ යෙමනයේ ඉරාන-පක්ෂපාතී හවුති කණ්ඩායම් සවුදි අරම්කො බලාගාර දෙකකට පහර දීමේ සිදුවීමට දිනකට පසුවය.   

ඔහුගේ අනතුරු ඇඟවීමට අනුව, ඉරානය මිසයිල ප්‍රහාර දියත් කරන කිලෝමීටර 2000 ක පමණ දක්වා වූ සීමාව තුළ මෙම ඇමරිකානු හමුදා කඳවුරු හා ගුවන්යානා ප්‍රවාහක යාත්‍රා සියල්ල පිහිටා ඇත.  

යුධමය තත්ත්වයකට “සැමවිටම” සූදානම් ව සිටින ඉරානය දියත් කරන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු නෞකා, ගුවන්යානා හා කඳවුරු විනාශ වීම පිළිබඳ වගකියනු නොලබන බව අමිරලි හජිසාදේ නම් එම විප්ලවාදී ආරක්ෂක අණදෙන නිලධාරී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

පසුගිය දිනක “සෞදි අරම්කො” තෙල් බලාගාර වෙත හවුතිවරුන් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දෝශාරෝපණය කරමින් ප්‍රකාශ කර සිටියේ ලොව බලශක්ති සැපයුමේ හදවත මෙන් සම්බන්ධව තිබූ තෙල් කර්මාන්තයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් ඉරානය විසින් සනිටුහන් කළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි