×

සොලෙයිමානී මරා දැමූ වරදට ඇමරිකාවෙන් පළි ගන්නා බවට ඉරානය දිවුරයි !

සොලෙයිමානීගේ පිරිසිදු රුධිරය නිසැකවම ඉරාන ජාතියේ ප්‍රතිරෝධයේ ගස ශක්තිමත් කරනු ඇති මෙන්ම ඉරාන ජනතාව එක්සත් කරනු ඇත- විදේශ ඇමති


 

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අනු දැනුම හා මග පෙන්වීම යටතේ ඇමරිකානු මෙහෙයුමක් අතරතුර ඊයේ උදෑසන ඉරාන ප්‍රභූ ආරක්ෂක බලකායේ ප්‍රධානියා මරා දැමුණෙ තවත් පස් දෙනෙකුද ඇතුළුවයි.

මේ පිළබදව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනපති වරයා පවසා තිබුණේ ඇමරිකාව විසින් අදාළ ඝාතනය සිදු කළ බවත් එසේ සිදු කළේ ඇති වන්නට නියමිත විශාල යුද්ධයක් නවතා දැමීමට බවත් ය.

කෙසේ වෙතත් මෙම සිදු වීමත් සමග ඉරානය තුළ මේ වන විට මතවාදීමය රැල්ලක් ගොඩ නැගෙමින් පවතින අතර එය මෙතෙක් බෙදී සිටි ඉරාන දේශ පාලන කණ්ඩායම් එකිනෙකා අතර සහයෝගීතාවත් ඇතිකරවීමට සමත් වී ඇත.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කුමේනි සොලෙයිමානී ” ප්‍රාණ පරිත්‍යාගයෙකු ලෙස ” සිය ගෞරවය ඔහුට දැක්වීය. එමෙන්ම ඔහු විසින් මේ සදහා ඇමරිකානු ජනපතිවරයාට දරා ගත නොහැකි තරමේ විශාල ප්‍රතිවාපාකයකට මුහුණ දෙන්නට සිදු වනු ඇති බවට පොරොන්දු විය.

ඉරානයේ බලවන්තයින් අතර ඉතා ඉහළින් සිටි සොලෙයිමානි වෙත ගෞරවය දැක්වීම වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නම් කර ඇති අතර ඉරාන ජනපති හසන් රුහානී ඇමරිකාවේ මෙම ක්‍රියාවට ප්‍රතිවාපාක ලබා දෙන බවට ජාතිය ඉදිරියේ ප්‍රතාඥා ලබා දී ඇත. ඉරාන විදේශ ඇමති ජාවඩ් ෂරීෆ් පැවසුවේ මෙම ඝාතන ලෝක ත්‍රස්ත වාදයේ ක්‍රියාවක් බවයි.

සොලෙයිමානීගේ පිරිසිදු රුධිරය නිසැකවම ඉරාන ජාතියේ ප්‍රතිරෝධයේ ගස ශක්තිමත් කරනු ඇති මෙන්ම ඉරාන ජනතාව එක්සත් කරනු ඇත. එමෙන්ම තම කලාපය තුළ ඇමරිකාව සම්බන්ධ විදෙස් ප්‍රතිපත්තීන්ද දවසින් දවස බිඳවැටෙනු ඇතැයි ඔහු පැවසීය.

ඝාතන සම්බන්ධව ඇමරිකාවට එරෙහි සිය ප්‍රතිචාරය තීරණය කිරීමට සදහා ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ හදිසි කැඳවීමක් සිදු කර ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ අල් කුමේනී ප්‍රථම වතාවට මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීම සදහා සහභාගී වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි