×

ඉරානයේ ඉන්ධන මිල ඉහල යාම පිළිබඳ විරෝධතා රජය යටපත් කරනවාද? 

මෙය ආරක්ෂක කරුණක්, ජනතා විරෝධයක් නොවෙයි, ඉරාන උත්තරීතර නායක ගෙන් ප්‍රකාශයක්.


ඉරානයේ පසුගිය සතියේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ආරම්භ වූ විරෝධතා ආරක්ෂක කාරණයක් වන අතර එය ජනතාව විසින් සිදු නොකරන ලද්දක් බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අඟහරුවාදා සිය නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කළේය.

“අප මිතුරන් හා සතුරන් මෙය දැනගත යුතුයි, මෙහි සිදුවූයේ අප සතුරන් හමුදා දේශපාලන ආරක්ෂක යුධ පිටියට නැවත පළවා හැරීම පමණයි. මෙය ආරක්ෂක වැඩපිළිවෙලක් මිස ජනතා විරෝධයක් නොවේ,” ඔහුගේ නිවේදනයේ සඳහන් විය.

කෙසේවෙතත්, සලාක පෙට්‍රල් සඳහා මිල සියයට 50 කින් වැඩි කිරීමට ඉරාන රජය සැලසුම් කර ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත් පත පසුගිය දින වාර්තා කර තිබිණි. සලාක සීමාව ඉක්මවා යන පෙට්‍රල් මිලදී ගන්නා අයට ඉන්ධන මිල සියයට 300 කින් ඉහළ යනු ඇත.

මේ සමඟ ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය මත වීදි බැසි පුරවැසියන් දක්නට ලැබුණු අතර, ඉරාන ආරක්ෂක අංශ එල්ල කළ වෙඩිපහර හමුවේ සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූ බවද වාර්තා විණි. 

කෙසේවෙතත් ඉරාන උත්තරීතර නායක නිකුත් කළ නිවේදනය මේ අනුව බලන කළ ප්‍රශ්ණ සහගත ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි