×

සවුදි ප්‍රහාර චෝදනා මැද ඉරාන ඛනිජ තෙල් ඇමති ගෙන් ප්‍රකාශයක්

බලශක්ති වෙළඳපල අදේශපාලනික විය යුතුය, ඉරාන තෙල් ඇමති පවසයි!


ගෝලීය බලශක්ති සැපයුම් දාමය අදේශපාලනික විය යුතු බවට ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය බිජන් සන්ගනෙහ් පවසයි.

ඉරාන අයිආර්එන්ඒ පුවත් සේවයට අනුව, එරට ඛනිජ තෙල් අමාත්‍යවරයා අද (02) මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත. 

බලශක්ති වෙළඳපල අදේශපාලනික විය යුතු බවත්, එමඟින් අනවශ්‍ය, නීතිවිරෝධී හා බහුපාර්ශ්වික මැදිහත් වීම් වළක්වා ලිය යුතු බවත් අවධාරණය කරන ඒ මහතා රුසියාවේ මොස්කව් නගරයේ පෙට්‍රෝලියම් ගෑස් අපනයන රටවල් සංසදය (Gas Exporting Countries Forum: GECF) ට සහභාගී වීමට නියමිතය.    

පසුගිය දිනක සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගෝලීය තෙල් සැපයුම් දාමය හා තෙල් මිලට ප්‍රභල බලපෑමක් එල්ල වූ අතර, යෙමනයේ ඉරාන හිතවාදී හවුතිවරුන් විසින් එම ප්‍රහාරයේ වගකීම භාරගන්නා ලදී. 

මෙම සිදුවීම සමඟ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය බොහෝ සෙයින් යොමුවූ අතර, බොහෝ පාර්ශව චෝදනා එල්ල කර සිටියේ ඉරානය වෙතයි. ඇමරිකාව වැනි රටවල් ඉරානය මෙයට සෘජුව වගකිව යුතු බවට ප්‍රකාශ කරන ලද අතර ඇතැම් බ්‍රිතාන්‍යය වැනි රාජ්‍යයන් ප්‍රකාශ කර සිටියේ නිසි විමර්ශනයකින් තොරව යම් පාර්ශවයකට චෝදනා එල්ල කිරීම නුසුදුසු බවයි. 

මීට අමතරව, සවුදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාර මර්දනය කරන ඇන්ටි-ඩ්‍රෝන අවි ලබාදීමට ද රුසියාව තම කැමැත්ත පළකර ද තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි