×

ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාඩ් මෙවර ජනාධිපතිවරණයට තරඟ කරයි

කෙසේ නමුත් මේවන විට අයතුල්ලා අල් කමෙනි හා අහමදිනෙජාඩ් අතර හොඳ හිත පලුදුවී තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හදිසි හෙලිකොප්ටර් අනතුරකින් මියයාමත් සමඟ ජුනි මස 28 වන දින කැඳවන නව ජනතිපතිවරණය වෙනුවෙන් එරට දැඩි මතධාරී හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් මැතිවරණයට තරඟ කිරීමට ලියාපදිංචි වී ඇති බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබේ.

ඉරානයේ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂක බලකායේ හිටපු සාමාජිකයෙකු වන අහමඩිනෙජාඩ් ප්‍රථම වරට ඉරානයේ ජනාධිපති ලෙස 2005 දී තේරී පත් වූ අතර 2013 දී ධුර කාලය සීමා වීම නිසා ඉවත් විය.

නව ජනාධිපතිවරණයට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්ගේ ලැයිස්තුව ජුනි මස 11 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතවන අතර ඔහු රටේ අවශ්‍යතාවයට නොගැලපෙන බවයි, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මීට පෙර මහමුද් අහමදිනෙජාඩ් වෙත අනතුරු අඟවා තිබිණි.

කෙසේ නමුත් මේවන විට අයතුල්ලා අලි කමේනි හා අහමදිනෙජාඩ් අතර හොඳ හිත පලුදුවී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි