×

ඇමරිකාව ඉරාන ප්‍රභූ ආරක්ෂක ප්‍රධානී ක්වේසෙම් සුලෙයිමානී සහ තවත් 6ක් ඝාතනය කරයි

ප්‍රහාරය ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ මඟපෙන්වීමෙන් සිදු වූ බව පෙන්ටගනය තහවුරු කරයි.


ඉරානයේ ප්‍රභූ ආරක්ෂක බලකායේ ප්‍රධානී මෙන්ම කූඩ්ස් බලකායේ ප්‍රධානියා වන ජෙනරාල් ක්වෝ සුලෙයිමානි අද බැග්ඩෑඩයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදු කළ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකදී ඝාතනයට ලක් කර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්ථා කරයි.

ප්‍රහාරය සහ ඔහුගේ මරණය සනාථ කරමින් ප්‍රකාශයක් නිකුත් කරන පෙන්ටගනය සහ ධවල මන්දිරය ප්‍රහාරය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මඟපෙන්වීම යටතේ සිදු කළ බවට ප්‍රකාශ කරයි. ඉරානය විසින් සැළසුම් කර ඇතැයි කියනු ලබන අනාගත ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් ඇමරිකාව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරයට විරෝධය දක්මින් ඉරාන විදේශ ඇමති ජවාඩ් ෂරීෆ් පවසන්නේ ඇමරිකාවේ මෙම හැසිරීම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තවත් එක් ක්‍රියාවක් බවයි.
” එක්සත් ජනපදය එහි ව්‍යාජ වික්‍රමාන්විතයේ සියළු ප්‍රතිවිපාක සදහා වගකීම දැරිය යුතු බව ඔහු පවසයි.

ඉරාක නිළධාරීන් සහ රාජ්‍ය රූපවාහිනිය වාර්ථා කරන පරිදි සුලෙයිමානි හැරුණ විට ඉරාක මිලිෂීයා කමාන්ඩර් අබු මහඩි අල් මහන්දිස් ද ඇමරිකානු මෙහෙයුමේදී මිය ගිය බවයි.

මෙම නිළධාරීන් බැග්ඩාඩ් ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි අධි ආරක්ෂිත වාහන දෙකක් වෙත ඇමරිකානු රොකට් ප්‍රහාර එල්ල කර ඇත. මෙම නිළධාරීන් ඇතුළ තවත් පසු දෙනෙක් ඇමරිකානු මෙහෙයුමේදී මිය ගොස් ඇති බවට වාර්ථා වේ.

ප්‍රහාරයෙන් පසු ඇමරිකානු ජනපති සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ ඇමරිකානු ධජයයේ ඡායාරූපයක් පළ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි