×

ට්‍රම්ප්ගේ තර්ජන මැද ඉරානය සිය ප්‍රථම හමුදා-චන්ද්‍රිකාව දියත් කරයි

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (අයිආර්ජීසී) පවසන අන්දමට ඔවුන් පළමු වරට හමුදාවට අයත් චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇත.


ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) පවසන අන්දමට ඔවුන් පළමු වරට හමුදාවට අයත් චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇත. නූර් (ආලෝකය) නම් වූ මෙම චන්ද්‍රිකාව අදියර තුනකින් යුත් ක්වාස් දියත් කිරීමක් මගින් කිලෝමීටර 425 (සැතපුම් 264) ක කක්ෂයකට ළඟා වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටී.

ඉරාන විදුලි සංදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් අසාරි ජහ්රෝමි, “ජාතික ජයග්‍රහණය” පිළිබඳව IRGC ට සුබ පැතූ අතර, අභ්‍යවකාශ බලකායේ අභ්‍යවකාශ වැඩසටහන ආරක්ෂිත බව අවධාරණය කළේය. චන්ද්‍රිකාවේ බඳහි අල් කුරානයේ පාඨ්‍යක්ද සටහන් කර ඇති බව වාර්තා වේ.

තවමත් ඔවුන් දියත් කිරීමේ සාර්ථකත්වය ස්වාධීනව තහවුරු කර නොමැත.

එහෙත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ මෙම චන්ද්‍රිකාව දියත් කිරීම හේතුවෙන් ඉරානය එක්සත් ජාතීන්ගේ පනතක් උල්ලංඝනය කර ඇති අතර එයට වගකිව යුතු බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ එක්සත් ජනපද නාවික හමුදාවට උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ නැව් හෝ සාගර කලාපයට හිරිහැර හෝ බාධා කරන ඕනෑම ඉරාන තුවක්කුබෝට්ටුවක්, චන්ද්‍රිකාවක් හෝ ඕනෑම දෙයක් විනාශ කරන ලෙසයි යන්නයි.

ඉරානයේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රකාශකයෙකු ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩය විවේචනය කරමින් කියා සිටියේ ට්‍රම්ප් අනුන්ට හිරිහැර කරනවා වෙනුවට අවධානය යොමු කළ යුත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ඔවුන්ගේ [සන්නද්ධ] හමුදා කණ්ඩායම් බේරා ගැනීමට උත්සාහ කිරීම සඳහා බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි