×

ඉරාන අර්බුදයට ඊශ්‍රායලයේ අතපෙවීම්වලට ඉරාකයේ විරෝධය

,


ඊශ්‍රායලය විසින් ගල්ෆ් කලාපයේ ආරම්භ කරමින් සිටින ආරක්ෂිත නාවික මෙහෙයුම් සම්බන්ධව ඊශ්‍රායලය විසින් සිදු කරන සෑඹ මැදිහත්වීමක්ම තමන් හෙලා දකින බව ඉරාකය ප්‍රකාශ කරයි.
පසුගියදා ඇමරිකාවේ මූලිකත්වයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ආරක්ෂක මෙහෙයුමක් සැළසුම් කරන ලදී, ලෝකයේ රටවල් කිහිපයක් මේ සදහා සිය සහයෝගය පළ කරනු ලැබූහ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ඉරාක විදේශ අමාත්‍ය මොහාමඩ් අලී අල් හකීම් පවසන්නේ ගල්ෆ් කලාපයේ කාවික ආරක්ෂාව ගැන ගල්ෆ් රට වලට වගබලා ගත හැකි බවයි.
ඔහු පවසා සිටියේ සිය කලාපය තුළ ඉතා සුහද සාකච්ඡා මගින් පවතින තත්ත්වය සමනය කර ගත හැකි වුවත් බටහිර රටවල් විසින් කරන බලපෑ් හේතුවෙන් අර්බුධය තව තවත් විශාල වන බවයි.

එක්සත් රාජධානියට සහ ඇමරිකාවට අයත් ඉන්ධන නැවු සදහා විශේෂයෙන්ම ඉරානය පහර දෙනු ඇතැයි යන සැකය එකී රටවලට පවතින අතර වොෂිංටනය සහ ඇමරිකානු සහය අරාබි රාජ්‍යයන්ගේ මෙම චෝදනා ටෙහෙරානය මගින් ප්‍රතික්ෂේප කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි