×

ඉරාකය නොසන්සුන්! විරෝධතාකරුවන් නජාෆ්හි ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි.

දිගින් දිගටම පවතින රාජ්‍ය විරෝධී පෙලපාලි මධ්‍යයේ ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් දකුණු නජාෆ් නගරයේ ඉරානයේ කොන්සල් කාර්යාලයට ගිනි තබා තිබේ.


දිගින් දිගටම පවතින රාජ්‍ය විරෝධී පෙලපාලි මධ්‍යයේ ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් දකුණු නජාෆ් නගරයේ ඉරානයේ කොන්සල් කාර්යාලයට ගිනි තබා තිබේ.

ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙන විට විරෝධතාකරුවෝ “ඉරානයෙන් ඉරාකය” යනුවෙන් හඩ නැගූහ.

විරෝධතාකරුවන් පැමිණීමට මොහොතකට පෙර කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය පලා ගිය බව වාර්තා වේ.

සති තුනකට පෙර ෂියා ශුද්ධ නගරය වන කර්බාලා හි කාර්යාලය ඉලක්ක කර ගැනීමෙන් පසු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයකට එල්ල වූ දෙවන ප්‍රහාරය මෙයයි.

මාස දෙකකට ආසන්න නොසන්සුන්තාවයකින් අවම වශයෙන් පුද්ගලයින් 344 දෙනෙකු මිය ගොස් තිබේ.

දකුණු ඉරාකයට සහ බැග්ඩෑඩ් අගනුවරඅවට ආරම්භ වූ පෙලපාලි වල අභිමතාර්ථ වී ඇත්තේ දූෂණය අවම කිරීම, වැඩි රැකියා අවස්ථා සහ වඩා හොඳ මහජන සේවාවන් වේ.

ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට ඉරානය මැදිහත් වී රජයට මුක්කු ගසන බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි