×

ඉරාක ආරක්ෂක අංශ උම් ඛස්ර් වරාය නැවත විවෘත කරයි!

උම් ඛස්ර් වරාය අවහිර කීම තුළින් ඉරාකයට පළමු සතිය තුළ පමණක් සිදුවූ අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණ වන බවට පැවසේ.


ඉරාක ආරක්ෂක අංශ එරට උම් ඛස්ර් නගරයේ පිහිටා ඇති ප්‍රධාන ගල්ෆ් වරාය දොරටුව නැවත විවෘත කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

උම් ඛස්ර් වරායේ දොරටුව අවහිර කරමින් පසුගිය සඳුදින පටන් සිටි විරෝධතාකරුවන් විසුරුවා හරිමින් ඉරාක ආරක්ෂක අංශ විසින් මෙසේ අද (22) දින එම වරාය නැවත විවෘත කළ බවට වාර්තා වේ. 

උම් ඛස්ර් වරායේ සාමාන්‍ය මෙහෙයුම් තවමත් ආරම්භ කර නොතිබුණද සේවකයින්ට වරායට ඇතුළුවීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර් මස මුල් කාලයේ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ සහ දකුණු ඉරාකයේ ඇතිවූ විශාල නොසන්සුන්කාරී තත්ත්වයන් මත අවම වශයෙන් පුද්ගලයින් 325 ක් වත් ඝාතනයට ලක්වූ බව කියවේ. 2003 වර්ෂයේ සදාම් හුසේන් ගේ පරිච්ඡේදය අවසාන වීමත් සමඟ ඉරාකයේ හටගත් දරුණුතම අරගලය මෙය බව පැවසේ. 

මෙම විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ එරට විදේශ අවශ්‍යතා සපුරාලන දූෂිත පාලන තන්ත්‍රයේ අවසානයක් දැකීමයි. රජය විසින් ලබා දීමට පොරොන්දු වී ඇති ප්‍රතිසංස්කරණ කෙරේ සෑහීමකට පත් නොවූ බොහෝ විරෝධතාකරුවන් සිවිල් නීතිය බිඳ හෙලමින් කලහකාරී ලෙස උද්ඝෝෂණ වල නියැලීමට පටන් ගෙන තිබේ. 

පසුගිය ඔක්තෝබර් 29 වන දින සිට නොවැම්බර් 09 වන දින දක්වා මෙම විරෝධතාකරුවන් උම් ඛස්ර් වරාය දොරටු අවහිර වන අන්දමින් උද්ඝෝෂණ වල නියැලෙන අයුරු දක්නට ලැබිණි. මෙකී වරාය හරහා ඉරාකයට එළවළු තෙල්, ධාන්‍ය හා සීනි ආනයනය කිරීම සිදුවේ. ඉරාකයේ ආහාර පරිභෝජනය අතිශයින් ආනයනිත ආහාරපාන මත රඳා පවතින බැවින් එයට විරෝධය පෑමට මෙම උද්ඝෝෂකයින් වරාය අවහිර කිරීමට කටයුුතු යොදා තිබිණි. 

උම් ඛස්ර් වරාය අවහිර කීම තුළින් ඉරාකයට පළමු සතිය තුළ පමණක් ආනයනය මත සිදුවූ අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණ වන බවට පැවසේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි