×

දික්කසාද නීතිය වෙනස් කරන්නට අයර්ලන්තයේ ජනමත විචාරණයක්

සුගිය සිකුරාදා පැවති ජනමත විචාරණයේ දික්කසාද නීතිය වෙනස් කිරීමට 82.1% ප්‍රතිශතයක් සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදී.


මේ වන විට පවතින දික්කසාදය සම්බන්ධ නීති ලිබරල්කරණය සදහා ජනතා කැමැත්ත විමසීමේ ජනමත විචාරණයක් පැවැත්විණ.

දික්කසාදය සම්බන්ධව මේ වන විට පැවති නීති රීති මත දෙදෙනා දික්කසාද වීමටනම් පසුගිය වසර පහක් තුළ වසර හතරක්ම දෙදෙනා වෙන්ව සිටිය යුතු විය. නමුත් මෙම නීතිය නව නීතිය අනුව වෙනස් වනු ඇත. අයර්ලන්ත මේ අනුව පාර්ලිමේන්තුව Oireachtas විසින් දික්කසාදය සදහා දෙදෙනෙකු වෙන්ව සිටි යුතු කාලය අවම කෙරෙනු ඇත.

අයර්ලන්තයේ දික්කකසාදය නීතිගත කෙරුණේ 1995 වසරේදීය.

ඒ සදහා ජනමත විචාරණයේදී  නීතිය ස්ථාපිත කෙරුණේ 50.3% ප්‍රතිශතයකිනි. නැවතත් මෙම නීතිය වෙනස් කිරීම සදහා පසුගිය සිකුරාදා පැවති ජනමත විචාරණයේ දික්කසාද නීතිය වෙනස් කිරීමට 82.1% ප්‍රතිශතයක් සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදී. අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමන අයුරකින් හෝ වෙනස් කිරීමටනම් ජනමත විචාරණයතින් ජනතාවගේ අදහස් ලබා ගැනීම අනිවාර්ය කරුණක් වීම අයර්ලන්ත නීති පද්ධතිය තුළ ඇති විශේෂත්වයකි.

මේ අනුව දික්කසාදය සදහා දෙපලක් අනිවාර්යෙන්ම වසර හතරක් වෙන්ව සිටිනු වෙනුවට එය වසර දෙකක් සදහා අවම කර ඇත. මීට අමතරව මෑත කාලීනව අයර්ලන්තය ව්‍යවස්ථාපිත නීති රීති වෙනස් කිරීම සදහා ජනමත විචාරන කිහිපයක්ම පැවැත්වූ අතර එරට ගබ්සා නීතිය වෙනස් කිරීමට මෙන්ම සමරිසි විවාහ නීතිගත කිරීම සමිබන්ධවද මෑත කාලීනව ජනමත විචාරණ පැවැත්විණ.

එරට ප්‍රධාන දේශ පාලන පක්ෂ වන ලිබරල් මත ධාරීන් මෙම නීති වෙනස් කළ යුතුය යන්න සදහා සිය කැමැත්ත දැක්වී අතර ප්‍රතිපක්ෂ කතෝලික බලවේගයන් ඊට අකමැත් ප්‍රකාශ කරන ලදී.
Eurostat විසින් අනාවරණය කරන පරිදි අයර්ලන්තයේ දික්කසාද වීමේ වාර්ෂික ප්‍රතිශතය 1000කට 0.6%ක් විය. එය එංගලන්තයේ එය 1.9ක් වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ 3.2ක් වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි