×

ඔස්කාර් සම්මානලාභී ෆ්ලෑෂ් ඩාන්ස් ගායිකා අයිරින් කාරා මිය යයි

සුන්දර ආත්මයක් ඇති ඇය සිය නිර්මාණ සමඟ ඇගේ සංගීතය සහ චිත්‍රපට හරහා සදහටම ජීවත් වනු ඇත


ඇමරිකානු ගායිකාවක් සහ නිළියක් ලෙසින් වඩාත් ජනාදරයට පත් ඔස්කාර් සම්මානලාභී ෆ්ලෑෂ් ඩාන්ස් ගායිකා අයිරින් කාරා මියගොස් ඇති බව වාර්තා වේ.


ඇගේ මරණය නිවේදනය කළ කාරාගේ ප්‍රචාරකයෙකු මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ 63 හැවිරිදි ඇය ෆ්ලොරිඩාවේ නිවසේදී මිය ගොස් සිටි අතර හේතුව තවමත් වාර්තා නොවන බවයි. 1959 දී නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් හි උපත ලද කාරා දරුවන් පස් දෙනෙකුගෙන් බාලයා වූ ඇය කුඩා කල සිට ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සංගීතය පටිගත කර ඇති ඇය, බ්‍රෝඩ්වේ සංගීත සංදර්ශන කිහිපයකටම පෙනී සිට ඇත.


1980 දී පමණ Coco Hernandez ගේ චරිතය කීර්තියට පත් කාරා 1981 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස නිර්දේශ විය.


1983 බ්ලොක්බස්ටර් ෆ්ලෑෂ් ඩාන්ස් හි ෆ්ලෑෂ් ඩාන්ස් ගායනය වෙනුවෙන් හොඳම කාන්තා පොප් ගායන රංගනය සඳහා ග්‍රැමී සම්මානයක් හා ඇකඩමි සම්මානයක් දිනා ගැනීමට සමත් විය.


ඇගේ මරණය වාර්තා වීමත් සමඟ ඇගේ රසිකයන්ගෙන් දසතින් ශෝක පණිවුඩ ගලා එමින් පවතින අතර ඔවුන් සඳහන් කර ඇත්තේ සුන්දර ආත්මයක් ඇති ඇය සිය නිර්මාණ සමඟ ඇගේ සංගීතය සහ චිත්‍රපට හරහා සදහටම ජීවත් වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි